ප්‍රමුඛ පුවත 1

අගමැතිට ආයතන 13ක් අහිමි වෙයි

(UTV| කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යටතේ පවතින ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අයත් ආයතන 13ක් ඉවත් කෙරේ.

ජනාධිපතිවරයා ඊයේ (28) නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම ඉවත් කිරීම සිදුකර ඇත.

ඒ අනුව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට අයත්ව පැවති ශ්‍රී ලංකා මහ බැංකුව, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, ජාතික මෙහෙයුම් මැදිරිය, ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුව, ණය තොරතුරු කාර්යාංශය, ජාතික වැටුප් කොමිසම සහ ජාතික රක්ෂණ භාර අරමුදලයි මෙලෙස අග්‍රාමාත්‍යවරයාගෙන් ඉවත් කර  තිබේ
ඊට අමතරව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව, වර්ජන කෝලාහල – සිවිල් කලබල හා ත්‍රස්තවාදය පිළිබඳ අරමුදල, මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව, ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය සහ ජාතික යෞවන තිළිණ ප්‍රධාන අධිකාරිය ද මෙලෙස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථීක කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයෙන් ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පැවති ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ විෂය පථයට ඇතුළත් කර ඇත.

ඊයේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍ය ධූරය දරණ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතට සීමාසහිත ලංකා ලිට්රෝ ගෑස් සමාගම පවරාදී තිබුණි.

එමෙන්ම රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාගේ කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය යටතට අභ්‍යන්තරව දිගුකල් අවතැන්වූ ජනතාව නැවත පදිංචි කිරීමේ කාර්යසාධන බලකායේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ කාර්යාලයට අදාළ කටයුතු සම්බන්ධීකරණය හා වන්නි දිස්ත්‍රික්කයේ අවතැන් ජනතාවට යටිතල පහසුකම් දියුණු කිරීමේ රජයේ වැඩසටහන් හා ව්‍යාපෘති සම්බන්ධීකරණය පවරා දී තිබීමද විශේෂත්වයකි.

එමෙන්ම ඉඩම් අමාත්‍යාංශය යටතේ පැවති කන්තලේ සීනි සමාගම දයාගමගේ අමාත්‍යවරයාගේ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයට පවරාදීමට පියවර ගෙන ඇත.

මෙහිදී අමාත්‍ය සාගල රත්නායකගේ ව්‍යාපෘති කළමනාකරණ, තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශ විෂය පථයට ජාතික යොවුන් සේනාංකය, ජාතික මෙහෙයුම් මැදිරිය, වර්ජන කෝලාහල සිවිල් කලබල හා ත්‍රස්තවාදය පිළිබඳ අරමුදල, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල පවරා දී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මාතර සිසුවා ඝාතනයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් තේරීම් කාරක සභාව හමුවේ සාක්‍ෂි දීම අරඹයි

Mohamed Dilsad

ජනවාරියේ සිට ජල බිල්පත කාඩ්පතෙන් ගෙවීමට අවස්ථාව

Mohamed Dilsad

Leave a Comment