ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

මහවැලි ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළක්

(UTV| කොළඹ) – සියලුම මහවැලි ජලාශවල මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි ධිවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින් වෙත උපදෙස් දෙනු ලැබීය.

තමන් මොරගහකන්ද හා කළුගග ජලාශ නිරීක්ෂණයට ගිය අවස්ථාවේ එහි ධීවර ජනතාව හමුවු බවත්, එම ජනතාව මහවැලි ජලාශවලින් දැනට වඩා මත්ස්‍ය අස්වැන්නක් ලබාගත හැකි නිසා වැඩිපුර මත්ස්‍ය පැටවුන් එම ජලාශවලට මුදාහැරීමේ වැඩ පිළිවෙළක් අරඹන්නැයි ඉල්ලා සිටි බවත් මෙහිදී අමාත්‍යවරයා කීය.

2018 වසර අවසානය වන විට මේ රටේ මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය මෙ. ටොන්. 2,38,000 දක්වා ඉහළ නැංවීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ඉළක්කයයි. එමෙන්ම ජලජීවි වගාව තුළින් ද අපේක්ෂිත මත්ස්‍ය අස්වැන්න මෙ. ටො. 140,000කි.

මේ වනවිට මොරගහකන්ද ජලාශයේ ජලය උතුරු මැද පළාතේ මහවැලි ජලාශවලට මුදා හැර තිබෙන බැවින් එම ජලාශවල සමස්ත ජලධාරිතාව යල කන්නයේ වුවද ස්ථාවරව පවත්වාගත හැකිව තිබේ. 2018 ජනවාරි 08 දින අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජලය නිකුත් කිරීම ආරම්භ විය. එතැන් පටන් මේ දක්වා ම අඛණ්ඩවම එම ජලාශයෙන් ජලය නිකුත් කළ ද තවමත් සමස්ත ධාරිතාවයෙන් සියයට 05ක්වත් අවම වී නැත.

මේ තත්ත්වය යටතේ ඉදිරි කාලය තුළ උතුරු මැද පලාතේ මහවැලි ජලාශවලට ජල හිගයක් ඇති වීමේ අවදානමක් නොමැත. එම නිසා මහවැලි ජලාශවල මත්ස්‍ය වගාව පුළුල් කිරීම තුළින් විශාල අස්වැන්නක් අපේක්ෂා කළ හැකි බවද අමාත්‍යවරයා කීය.

පසුගිය වසරේ මෙරට මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය මෙ. ටො. 53.750කි. එමෙන්ම එම වසරේ මත්ස්‍ය ඇගිල්ලන් මිලියන 51.8ක්ද, මිරිදිය ඉස්සන් පසු කීටයින් මිලියන 35.59ක් ද, කිවුල් දිය ඉස්සන් පසු කිටයින් මිලියන 301.71ක් ද නිපදවනු ලැබීය. මෙම කටයුතු ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් සිදු කරනු ලබයි.මෙහිදී කාසල් රී ජලාශයේ ධීවර ගැටළුව ද අවධානයට ලක් වු අතර එම ජලාශයට ද තවත් මත්ස්‍ය පැටවුන් වැඩිපුර මුදාහැරීමට තීරණය විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

ප්‍රවීණ රංගධර රෝයි ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

පොලිස්පතිගේ කටහඬ සාම්පල වාර්තාව අධිකරණයට

Mohamed Dilsad

Leave a Comment