ප්‍රමුඛ පුවත 1

GSP+ සහනය තවදුරටත් පවත්වාගෙන යාමට අනුමැතිය

(UTV| කොළඹ) – ශ්‍රී ලංකාවට GSP+ සහනය තවදුරටත් පවත්වාගෙන යාමට අනුමැතිය පල කරන බව ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන යුරෝපා පාර්ලිමේන්තු කමිටුව පවසා තිබේ.

යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් පසුගිය 04 වනදා සිට මෙරට සංචාරයක නිරත වන අතර ජි.එස්.පී ප්ලස් සහනය ලබාදීමේ ප්‍රගතිය පිළිබඳ ඔවුන් එහිදී අධ්‍යයනය කළේය.

එහිදී සභාපති ජාන් සහරාදිල් මහතා ප්‍රකාශ කර ඇත්තේ එම සහනය ලබාදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමඟ මිත්‍රශීලීව කටයුතු කරන බවයි.
අත්හිටුවා තිබූ ජි.එස්.පී ප්ලස් සහනය මෙරටට ලබාදී වසරක පමණ කාලයක් ගත වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව ලබා ඇති ප්‍රගතිය අගය කරන බව කමිටු සභාපතිවරයා ප්‍රකාශ කර ඇත.
එම සහනය ලබාදීම සම්බන්ධයෙන් කොන්දේසි ඉදිරිපත් කර නොමැත.
නමුත් මෙරට මානව අයිතිවාසිකම් වර්ධනය සඳහා ත්‍රස්තවාදි වැලැක්වීම වෙනුවට කඩිනමින් නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බව යුරෝපා සංඟමයේ දකුණු ආසියානු නේවාසික නියෝජිත සජාඩ් කරීම් ප්‍රකාශ කර ඇත.
මේ අතර අන්තර් ජාතික වෙළඳාම සඳහා වන යුරෝපා පාර්ලිමේන්තු කමිටු නියෝජිතයින් අද(06) අග්‍රාමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා හමුවිමට නියමිත අතර ඔවුන් අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බදුල්ල – පස්සර හරහා ලුණුගල දක්වා දිවෙන මාර්ගය 6 සිට වැසෙයි

Mohamed Dilsad

විදුලිබල සේවකයෝ අඛණ්ඩ වැඩ වර්ජනයකට සැරසෙති

Mohamed Dilsad

LTTEයට එරෙහිව ගෙන ගිය සටන ගැන හිටපු ජනපති ඉන්දියාවේදී කියූ දේ

Mohamed Dilsad

Leave a Comment