ප්‍රමුඛ පුවත 1

දීඝවාපී චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම්

(UTV|අම්පාර) –  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විට දීඝවාපී චෛත්‍යය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු කඩිනම් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලබා දුන් උපදෙස් අනුවය.

දීඝවාපී චෛත්‍යය ජනතාවගේ වන්දනාවට කඩිනමින් පත් කිරීම සඳහා පවතින ප්‍රධාන බාධාව මෙහි සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය ගඩොල් මිලියන 25 ක් සපයා ගැනීම බවත් එබැවින් සංරක්ෂණ කටයුතු සඳහා වසර 5 ක් ගතවන බවත් පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල මහතා පවසයි.
මේ පිළිබඳ අවධානය යොමු කළ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙම ගඩොල් ප්‍රමාණය සපයාගැනීමේ ගැටළුවට විසඳුම් ලබා දීම සඳහා ප්‍රමිතිගත ගඩොල් නිපදවන්නන් සමඟ සාකච්ඡාකර ඊට විසඳුම් ලබාදීමට තමන් මැදිහත් වන බවත් ඒ අනුව ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමට හැකිවන බවත්  පෙන්වා දී තිබේ.
මීට අමතරව දීඝවාපී පුදබිමෙහි පිහිටි චෛත්‍යය ඇතුළු අනෙකුත් සියලුම පුරාවිද්‍යා සංරක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් ලබාදීමටත් ඒ සඳහා බාධාවන් ඇත්නම් ඒ පිළිබඳ තමන් දැනුවත් කරන ලෙසත් අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වත්තල රෙදිපිළි අලෙවි සැලක ගින්නක් හටගනි.

Mohamed Dilsad

ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය ස්ථිරයි – ජනපති

Mohamed Dilsad

Z-Score ක්‍රමය වෙනස් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment