ව්‍යාපාරික

කහ පැහැති කුකුළු මස් වල පෝෂණ ගුණය සහ රසය වැඩී – ආචාර්ය ක‍්‍රිෂාන්ති පේ‍්‍රමරත්ත

(UTV| කොළඹ) – නීරෝගිමත් ජීවිතයක් සඳහා බොහෝ පිරිස් සිය ප‍්‍රධාන ආහාර වේල්වලට මස් සහ මාළු වැඩි වශයෙන් යොදා ගනියි.

කුකුළු මස් සාධාරණ මිලකට ගත හැකි වැඩි පෝෂණයක් සහිත මාංශ වර්ගයක් මෙන්ම නැවුම් බවින් යුත් කුකුළු මස් ගැනීම සඳහා පාරිභෝගික ජනතාව විශේෂ අවධානයක් යොමු කරයි.

නැවුම් හා උසස් තත්ත්වයේ ආහාර හඳුනාගැනීමට විවිධ නිර්ණායකයන් තිබුණත්, වර්ණය මගින් නවුම් බව හඳුනාගැනීමට ජනතාව යොමු වී සිටියි.

එහෙත් ඇතැම් විට, පාරිභෝගික ජනතාවට නියම අවබෝධය නොමැතිවීම නිසා, වර්ණය මගින් නැවුම් ආහාර හඳුනාගැනීමට ගොස් වරදින අවස්ථා ඇති අතර කහ පැහැති කුකුළු මස් නැවුම් නොවන බවට පවතින මතයද ඊට හොඳම උදාහණයක් වේ.

ලෝකයේ බොහෝ රටවල නැවුම් හා උසස් තත්ත්වයේ කුකුළු මස් යනු කහ පැහැති වර්ණය සහිත කුකුළු මස් බව ඉතා ජනපි‍්‍රය කරුණකි.

නමුත් ශ‍්‍රී ලංකාවේ පාරිභෝගික ජනතාව තුල පවතින වැරදි අවබෝධය නිසා කහ වර්ණය සහිත කුකුළු මස් නැවුම් නොවන බවට මතයක් පවතියි.

මේ පිළිබඳව අදහස් දක්වන සත්ව ආහාර සුරක්‍ෂිතතාව පිළිබඳ විශේෂඥ සහ වයඹ විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කතිකාචාර්ය අචාර්ය ක‍්‍රිෂාන්ති පේ‍්‍රමරත්න මහත්මිය පෙන්වා දෙන්නේ බඩඉරිගුවල අන්තර්ගත කැරටිනොයිඞ් නැමති ස්වභාවික රසායනික සංඝටකය කුකුළු මස්, කහ හෝ රන් පැහැ ගැනීම කෙරෙහි බලපාන මූලික හේතුව බවයි.

විටමින් A  අධික බඩ ඉරිඟු තුළ කැරටිනොයිඞ් පවතිනවා. බඩඉරිඟු කුකුළන්ට ලබා දුන් විට මෙම කැරටිනොඩියිඞ් වර්ණකය කුකුළන්ටත් ලැබෙනවා. අමෙරිකාව, බි‍්‍රතාන්‍ය,  ඕස්ටේ‍්‍රලියාව, ඉන්දියාව වැනි ලෝකයේ විශාලතම කුකු`ඵ ගොවිපල පවතින රටවල්, වසර ගණනාවක සිට කුකුළු ආහාර සඳහා බඩඉරිගු එක් කරන බව ඇය පැවසුවාය.

බඩඉරිගුවල අන්තර්ගත කැරටිනොයිඞ් රසායනය කුරුල්ලන්ගේ ශරීරය තුලදී නිෂ්පාදනය නොවන අතර කැරටිනොයිඞ් සහිත ආහාර ගත් විට කුකුලන්ගේ රුධිරය තුලින් එම වර්ණකය ශරීරය පුරා පැතිර යන අතර විටමින් A අධික කැරටිනොයිඞ් සමේ, අක්මාව, මේදයේ සහ බිත්තර සුදු මදයේ අධික ලෙස තැන්පත් වන බව අචාර්ය පේ‍්‍රමරත්න මහත්මිය සඳහන් කළාය. එවැනි කුකුළු මස් කහ හෝ රන්වන් පැහැයෙන් හා අධික පෝෂණ ගුණයෙන්ද යුතු වේ.

කුකුළු ආහාර සඳහා භාවිතා කෙරෙන බඩ ඉරිගු සහ සෝයා ආශ‍්‍රීත කෑම වර්ග වල අධික ලෙස කාබෝහයිඩ්රේට්, කැලරීස්, ප්‍රෝටීන් සහ මිනරල් අන්තර්ගත වන අතර ඒ නිසා කුකූලන්ගේ වර්ධනයට, සෞඛ්‍ය සම්පන්න බවට, වකුගඩු හා හදවතේ ක‍්‍රියාකාරීත්වට බලපාන බවත්, ඒ නිසා බඩඉරිගු ආහාරයට ගත් රන්වන් හා කහ පැහැති කුකුලන් පාරිභෝගික ජනතාවට ඉතා පොෂ්‍යදායී, රසවත් හා උසස් තත්ත්වයේ ආහාර වෙලක් වෙන බවත්, අචාර්ය ක‍්‍රිෂාන්ති පේ‍්‍රමරත්න මහත්මිය අවධාරණය කළාය.

දේශීය සමාගමක් ලෙසට මෙම ක්ෂේත‍්‍රයේ පෙරමුණට පැමිණ සිටින CRYSBO සමාගම තමන් නිෂ්පාදනය කරන කුකුළු මස්වල පෝෂණය සහ නැවුම්බව පිළිබඳව ආරම්භයේ සිට ඉහළ අවධානයක් යොමු කරයි. එමෙන්ම කුකුළු ආහාර සඳහා බඩ ඉරිඟු භාවිතා කරන සමාගම් අතර පුරෝගාමී සමාගම ලෙසත් CRYSBO හැඳින්විය හැක. සතුන් විශාලනය කිරීම සඳහා ඖෂධ භාවිතා කිරීමට එරෙහි සහ ආරම්භයේ සිටම කිසිදු ආකාරයේ වර්ධක ඖෂධ භාවිතා නොකළ සමාගමක් ලෙස CRYSBO වර්තමානයේදී රජය මගින් හඳුන්වාදීමට නියමිත සතුන් සඳහා වර්ධක ඖෂධ භාවිතය තහනම් කිරීමේ ප‍්‍රතිපත්තිය සඳහාත් පූර්ණ ලෙස සහාය දක්වා ඇත.

1972 වර්ෂයේදී කුකුළු පැටවුන් 100 දෙනෙකුගෙන් ඇරඹි ක‍්‍රිස්බෝ එතැන් පටන් වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැක්ම පෙරදැරිව කටයුතු කිරීම ඇරඹීය. ප‍්‍රමිතිය, නැවුම්බව සහ නව්‍යකරණය සඳහා ඉහළ වැදගත්තමක් ලබා දෙමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම කුකුළු නිෂ්පාදන ව්‍යාපාරික ආයතනය බවට පත් විය. මව් ගොවිපොළ, අභිජනන ගොවිපොළ, බ්‍රොයිලර් සහ කුකුළු ආහාර නිෂ්පාදන ශාලා ඇතුළු පුළුල් පරාසයක CRYSBO හි අතු පතර විහිද පවතී.

‘ගොවිපොළේ සිට ආහාර මේසය දක්වා’ යන සංකල්පය CRYSBO සමාගමේ සාර්ථකත්වයෙහි ගමන් මගෙහි සංකල්පය වී තිබේ. CRYSBO ව්‍යාපාරයේ සාර්ථකත්වයට බාහිර කුකුළු නිෂ්පාදකයින්, ඉරිඟු වගා කරුවන් මෙන්ම සමස්ත ශ‍්‍රී ලාංකීය පාරිභෝගික ප‍්‍රජාවගෙන්ද ලැබෙනුයේ සුවිසල් සහයෝගයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇට්ලස් ඇක්සිලියා සමාගමෙන් තවත් පරිත්‍යාගයක් [PHOTOS]

Mohamed Dilsad

රතු ළුණු මිල ඉහලට

Mohamed Dilsad

පාලන මිලට වඩා වැඩියෙන් සහල් විකුනන්නන්ට වැඩ වරදියි

Mohamed Dilsad

Leave a Comment