ප්‍රමුඛ පුවත 1

අලුත් අවුරුදු සමයේ විශේෂ සුරාබදු වැටලීම්

(UTV| කොළඹ) – 2018 සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමය තුළ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ වැඩසටහනක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

ඒ සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතාවන් වැළැක්වීම සඳහායි.

2018 අප්‍රේල් මස 09 වන දින සිට 15 දින දක්වා පැවැත්වෙන මෙම විශේෂ අධීක්ෂණ වැඩසටහන යටතේ දිවයින පුරා පිහිටි මත්පැන් විකිණීම සඳහා සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන අඛණ්ඩ අධීක්ෂණයට ලක්කිරීමටත්, මහජන පැමිණිලි හා තොරතුරු මත සුරාබදු අපරාධ සිදුකෙරෙන ස්ථානයන් වැටලීමට හා එම සුරා අපරාධ ග්‍රහණය කිරීමටත් සියලුම සුරාබදු ස්ථානාධිපතිවරුන්හට උපදෙස් ලබා දී ඇත.
මෙම වැඩසටහන අධීක්ෂණය කිරීමේ වගකීම ඒ ඒ සුරාබදු කොට්ඨාශ බාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හට සහ ඒ ඒ සුරාබදු මණ්ඩල බාර සුරාබදු අධිකාරීවරුන් හට පවරා ඇති අතර, සුරාබදු මූලස්ථානය මඟින් එම වැඩ සටහනෙහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ යාන්ත්‍රණයක් ස්ථාපිත කොට තිබේ.
මෙම වැඩ සටහන සාර්ථක කරගැනීම සඳහා ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව මහජනතාවගේ සහයෝගය අපේක්ෂා කර සිටියි.
ඒ අනුව දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිදුවන සුරා අපරාධ සහ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ආශ්‍රිත අක්‍රමිකතාවන් සම්බන්ධයෙන්
0112 – 045 077 යන දුරකථන අංකයට හෝ 0112 – 877 882 යන ෆැක්ස් අංකයට හෝ oiccrime@excise.gov.lk යන විද්‍යුත් ලිපිනයට දැනුම් දිය හැක.
මේ පිළිබද වැඩිදුර විස්තර පහත දුරකථන අංකයෙන් විමසා ලබාගත හැකිය.
දුරකථනය: 0113 – 888 032
ජංගම: 0772 – 602 842
විද්‍යුත් ලිපිනය: dcehr@excise.gov.lk
ෆැක්ස්: 0112 – 877 895

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාසල් අවට දුම්වැට් අලෙවිය තහනම් කිරීමේ රෙගුලාසි කඩිනමින් – සුව ඇමති

Mohamed Dilsad

තවත් කොරෝනා රෝගීන් 6දෙනෙකු හදුනා ගනී

Mohamed Dilsad

නීති විරෝධී කටයුතුවල යෙදුනු 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment