ක්‍රීඩා

ලෝක කුසලාන ක්‍රිකට් තරඟ සටහන නිකුත් කෙරේ

(UTV|එංගලන්තය) – 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරඟ සටහන අද(26) නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එංගලන්තයේ හා වේල්ස්යේදී පැවැත්වෙන බවයි.

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය 1992 වසරේ පැවැත් වූ ආකාරයට පැවැත්වීමට සූදානම් බව වාර්තාවේ.

මෙවර තරගාවලියේ මූලික වටයේ තරග සියල්ලම ලීග් ක්‍රමයට පැවැත්වීමට නියමිතය.

ඒ අනුව ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ක්‍රීඩා කරන එක් කණ්ඩායමක් අනෙක් කණ්ඩායම් 9 සමගම මූලික වටයේදී තරග වැදීමට නියමිතව තිබේ.

මූලික වටයේ ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීම විශේෂත්වයකි.

මෙම තරගාවලිය 2019 වසරේ මැයි මස 30 වන දා පැවැත්වේ.තරගාවලිය ආරම්භ කරමින් දකුණූ අප්‍රිකාව හා එංගලන්තය තරඟ කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව මුහුණ දෙන පළමු තරගය එළඹෙන වසරේ ජූනි මස 1වන දා නවසීලන්තයත් සමග කාර්ඩිෆ් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන අතර අවසන් තරගය ජූලි මස 14 වන දා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව ධාවනය ඇරඹෙයි

Mohamed Dilsad

ආජන්ටිනා කණ්ඩාම අවධානමක

Mohamed Dilsad

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් ක්‍රීඩකයින් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment