ප්‍රමුඛ පුවත 1

උපාධිධාරී සිසුන් 32ට නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා ඇමති රිෂාඩ්ගෙන් මූල්‍යමය ප්‍රතිපාදන

(UTV| කොළඹ) – නව ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට අවශ්‍ය මූල්‍යාධාර පිරිනැමීමේ  “උපාධිධාරී ව්‍යාපාර උදානය ” වැඩ සටහන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොල්ලුපිටිය කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, විසින් සංවිධානය කෙරෙැණු මෙම වැඩසහනේ දී විශ්වවිද්‍යාල උපාධිධාරීන් 32 දෙදෙනකු සඳහා මුදල් ප්‍රධානය කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙණි. 

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ උපදේශක රෝයි ජයසිංහ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ඕමාර් කාමිල්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තාජුඩීන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

මෙහිදී අදහස් දැක්වූ අමත්‍යවරයා පැවසුවේ..”සරසවි සිසුන් තුළ ඉතා හොඳ ව්‍යවසායකත්ව හැකියාවන් පවතින බවත්, තම සරසවි අධ්‍යාපනය අවසන් කර, ඉතා හොඳ ව්‍යවසායකත්ව පුහුණුවක් ලබා ගෙන, ඔබගේ හැකියාව ගැන විශ්වාසය තබා, ඔබගේම ස්වයං රැකියාවක් ආරම්භකර, තවත් පිරිසකට රැකියාවන්ද සපයමින් ඉතා සාර්ථක ව්‍යවසායකයෙකු බවට පත්වන මෙන්   ආරාධනා කරන.”බවයි.

මෙම උත්සවය සංවිධානය කර තිබුනේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA – National Enterprises Development Authority) විසිනි.

මෙහිදී කැලණිය, යාපනය, පේරාදෙණිය හා රජරට යන විශ්වවිද්‍යාල වල උපාධිධාරී සිසුන් 32 කුට නව ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මූල්‍යමය ප්‍රතිපාදන අමාත්‍යවරයා අතින් පිරිනැමුණි. එහිදී එක් සිසුවෙකුට රු.150,000.00 කට ආසන්න මුදලක් පරිත්‍යාග ලෙස ලැබුණි. එසේම මෙම සිසුන්ට ව්‍යාපාර සඳහා අවශ්‍ය වන මූලික දැනුම හා පුහුණුව NEDAආයතනය මඟින් නොමිලේ ලබා දී තිබුණි. සිසුන්ට ලබා දුන් ප්‍රතිපාදනවල මුළු වටිනාකම රු.4,484,500.00 කි.

මෙහිදී යන්ත්‍රෝපකරණ හා තාක්ෂණය සපයන්නන්ගේ නාමාවලිය ද එළි දැක්වුණි. එම ග්‍රන්ථය NEDA ආයතනයේ සභාපති ඕමාර් කාමිල් මහතා විසින් අමාත්‍යවරයාව පිළිගන්වනු ලැබීය. එමෙන්ම ඉන්සී (Insee) සිමෙන්ති පුද්ගලික සමාගම සමඟ පෙදරේරු ක්‍ෂේත්‍රයේ ව්‍යවසායකයින් පුහුණුවට හා ස්වයං රැකියා අවස්ථා උදා කිරීම සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමත්, අමාත්‍යාංශයේදී පැවැත්වුණි.

එසේම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරින්ට ඔවුන්ගේ සේවාවන් කාර්යක්ෂම කිරීම සඳහා ලැප්ටොප් යන්ත්‍ර හා ටැබ් පරිගණක පිරිනැමීමක්ද මෙහිදී අමාත්‍යවරයා අතින් සිදුවිය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

“මගේ අමාත්‍යාංශය යටතේ පවතින ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හෙවත් නේඩා ආයතනය “උපාධිධාරී ව්‍යාපාර උදානය ” වැඩසටහන ආරම්භ කරන්නේ 2004 වසරේදීයි. ඉන් පසුව මේ වැඩසටහන යටතේ අපි විශ්ව විද්‍යාලවලින් තෝරාගත්, ඒ වගේම ව්‍යාපාර ක්‍ෂේත්‍රයට කැමති සිසුන්ට ව්‍යාපාර ගැන, නිෂ්පාදන ගැන, වෙළෙඳපල ගැන, කළමනාකරණය හා අලෙවිකරණය ගැන, ණය පහසුකම් ලබා ගැනීම ගැන ඉතා හොඳ පුහුණුවක් ලබා දෙනවා. ඒ වගේම ඔවුන්ට සාර්ථක ව්‍යවසායකයෙකු වීමට අවශ්‍ය මාර්ගෝපදේශයන්ද ලබා දෙනවා. ඒ වගේම ව්‍යාපාර ආරම්භ කරන්නට අවශ්‍ය වන ප්‍රාග්ධනය සඳහා මූල්‍යාධාරයක් ලබා දෙනවා. අපි ගෙවී ගිය කාලය තුළ සරසවි උපාධාධාරීන් 100 කට ආසන්න පිරිසකට මේ ආකාරයට පුහුණුව සමඟ මාර්ගෝපදේශන හා ආධාර මුදල් පිරිනමා තියෙනවා. අපි අද මේ සරසවි උපාධිධාරීන් 32 කට රු. 150,000.00 බැගින් රු. 4,484,500.00 ක මුදලක් ආධාර වශයෙන් ලබා දෙනවා. අද මම හුඟක් සතුටු වෙනවා. අපේ රටේ වටිනාම සම්පතක් වන සරසවි උපාධිධාරීන්ට ඔවුන්ගේ දැනුම භාවිතා කරලා තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරලා රජයටවත්, අනෙක් කාටවත්  අත නොපා තම දෙපයින් නැගී සිටීමට පියවර ගෙන තිබීම ගැන. අපේ රට ආර්ථික වශයෙන් සවිමත් කරමින් සංවර්ධනය කරන්න පුලුවන් වන්නේ, අපේ තරුණ පරපුරෙන් මේ ආකාරයට ප්‍රයෝජනය ගැනීමට වැඩ පිලිවෙලක් යෙදීමෙන් පමණයි. ඒ නිසා අද ආධාර උපකාර ලබන ඔබ අනාගතයේදී මෙරට සාර්ථක දක්ෂ උපාය මාර්ගික ව්‍යවසායකයෙකු වන බවට ස්ථිර අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕන.” යැයි පැවසීය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්. තාජුඩීන්,  ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ NEDA සභාපති ඕමාර් කාමිල්, අධ්‍යක්ෂ ලක්ෂමන් විජේවර්ධන හා ඉන්සී (Insee) සිමෙන්ති සමාගමේ විධායක උප සභාපති ජාන් කුනිග් (Jahn Kunigk) මහත්වරු සහභාගී විය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/04/MINI-RISHARD-05-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමාත්‍යාංශ දහයක් සඳහා නව ලේකම්වරු

Mohamed Dilsad

කොතලහිඹුටු දැව සමග විදේශිකයෙක් කටුනායකදී අත්අඩංගුවට

Mohamed Dilsad

සරසවි අනධ්‍යන සේවක වර්ජනය තාවකාලිකව අවසන්

Mohamed Dilsad

Leave a Comment