විදෙස්

කිරුලෙන් ඉතිහාස ගතවන එළිසබෙත් රැජින

(උදයම්,බ්‍රිතාන්‍ය)  – බ්‍රිතාන්‍යයේ වැඩිම කාලයක් රාජ්‍යත්වය හෙබවූ රැජින බවට දෙවැනි එළිසබෙත් රැජින පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.

වසර 65ක කාලයක් රාජ්‍යත්වය දරමින් ඉතිහාසයට එක්ව ඇති ඇය මුලින්ම කිරුළු දරා තිබුණේ වර්ෂ 1952 දී සිය පියා වූ 6 වැනි ජෝර්ජ් රජුගේ අභාවයෙන් පසුවය.

වර්තමානයේදී ලොව වැඩිම කාලයක් රාජ්‍යත්වය දැරූ රාජකීයයා ලෙස සිහසුනේ සිටි තායිලන්තයේ භූමිබෝල් අදුල්යාදේජ් රජුද පසුගිය වසරේදී සිය දිවියෙන් සමුගත් අතර, ඒ සමගම ලොව දීර්ඝ කාලයක් රාජ්‍යත්වය දරන රාජකීයයා බවට දෙවැනි එළිසබෙත් රැජින මේ වනවිටත් නිතරඟයෙන් තේරීපත්ව සිටී.

පසුගියදා සිය 90 වැනි උපන්දිනයද සැමරූ ඇය තවමත් හොඳ නිරෝගී සුවයෙන් යුතුව කටයුතු කිරීමද සුවිශේෂී වන අතර, බ්‍රිතාන්‍ය රාජකීයයා ලෙස නිල උත්සව ආදියට නොපැකිළිව සහභාගී වීමටද අමතක නොකරයි.

බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ පෙබරවාරි 6 වැනි දිනට දින විසිතුන්දහස් හත්සිය හතළිස් තුනක් සිහසුනේ රැඳී සිටීමට තරම් දෙවැනි එළිසබෙත් රැජින වාසනාවන්ත වී ඇති බවය.

Related posts

ධවල මන්දිරයට සෙවන දුන් ඓතිහාසික ගස කප්පාදු කරයි.

Mohamed Dilsad

සේවක වැඩවර්ජයෙන් ඉන්ධන අර්බුදයක්

Mohamed Dilsad

ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

Editor O

Leave a Comment