(UTV| කොළඹ) -UPDATE – සාගල රත්නායක මහතා – ව්‍යාපෘති කලමනාකරණ, තරුණ කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙසද , මනෝ ගනේෂන් මහතා – ජාතික සහජීවනය , සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යවරයා ලෙසද , දයා ගමගේ මහතා – සමාජ සුබසාධන සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දී ඇත.
විජේදාස රාජපක්ෂ මහතා – උසස් අධ්‍යාපන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ලෙසත් , රවීන්ද්‍ර සමරවීර මහතා – කම්කරු සහ වෘත්තීය සමිති සබඳතා අමාත්‍යවරයා ලෙසත් , සරත් ෆොන්සේකා මහතා – තිරසර සංවර්ධන, වන ජීවී සහ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.
ඉතිරි අමාත්‍ය ධුර සඳහා හෙට දිනයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තාවේ.
(UTV| කොළඹ) -UPDATE – අමාත්‍ය එස්.බි නාවින්න මහතා අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනපති ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ක්‍රීඩා සහ පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙස ෆයිසර් මුස්තාපා මහතා දිවුරුම් දුන් අතර අමාත්‍ය පි.හැරිසන් සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය ධුරයේ දිවුරුම් දී ඇත.
මහා මාර්ග සහ අධිවේගී මාර්ග සංවර්ධන අමාත්‍ය ධුරයේ කබීර් හෂීම් මහතා දිවුරුම් දී ඇති අතර අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.
අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා නිතිය සහ සාමය පිලිබඳ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර ෆයිසර් මුස්තාපා මහතා – ක්‍රීඩා, පාළත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ලෙසද ,විජිත් විජිතමුණ සොයිසා මහතා – ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික අමාත්‍යවරයා ලෙසද , ඩී.එම් ස්වාමිනාදන් මහතා – පුනුරුත්ථාපන, නැවත පදිංචි කිරීම්, උතුර සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.
(UTV| කොළඹ) – සම්මුතිවාදී ආණ්ඩුවේ සිව්වන අමාත්‍ය මණ්ඩල සංශෝධනයට කෙරේ
ඒ අනුව නව අමාත්‍යවරුන් අද(01) දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්නේය.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා – රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ධුරයේද, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා – විද්‍යා තාක්ෂණ පර්යේෂණ, නිපුණතා සංවර්ධ, වෘත්තීය පුහුණු හා කන්ද උඩරට උරුමයන් පිළිබඳ අමාත්‍ය ධුරයේද දිවුරුම් දුන්නේය.
අමාත්‍ය එස්. බී. නාවින්න මහතා – අභ්‍යන්තර කටයුතු හා වයඹ කටයුතු අමාත්‍යවරයා ලෙසත්,අමාත්‍ය මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙසත්, අමාත්‍ය දුමින්ද දිසානායක මහතා – වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]