ප්‍රමුඛ පුවත 1

රැකියා ලබා දෙන බව පවසමින් මුදල් ලබා ගත් අයෙකු අත්අඩංගුවට

(UTV|මාතලේ) – කෘෂිකර්ම අමාත්‍යංශයේ  රැකියා ලබාදෙන බව පවසමින් ක පුද්ගලයින් රැසකගෙන් මුදල් ලබාගත් කෘෂීකර්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ ලේකම් වරයෙකු ලෙස පෙනිසිටි පුද්ගලයෙකු මාතලේ නගරයේදී අත්අඩංගුවට ගත්බව මාතලේ පොලිසිය පවසයි.

කෘෂිකර්ම අමාත්‍යංශයේ රැකියා ලබා දෙන බව පවසමින් දිවයිනේ ප්‍රදේශ රැසක පුද්ගලයින්ගෙන් මුදල් ලබාගෙන ඔවුන්වෙත පත්වීම් ලිපි ප්‍රධානය කිරිම සදහා මාතලේ  නගරයට පැමිණෙන ලෙස දන්වා පත්විම් ලිපි ලබා ගැණිමට පැමිණි පිරිස මග හැරිමට තැත්කල මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදංවි එම පුද්ගලයා නිතියේ රැහැනට හසුකර දිමට රැකියා ලබා ගැනිමට පැමිණි පිරිස කටයුතු කර ඇත.

එක් අයකුගෙන් රැකියා ලබා දිම සදහා රුපියල් 35000 සිට රුපියල් 50000 දක්වා මුදල් ලබා ගෙන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ  අමාත්‍යංශ ලිපි ශිර්ෂ යටතේ එම පුද්ගලයින්ට පතවීම් ලිපි සකස්කර එම පත්වීම් ලිපි ලබා දිමට පැමිණි  අදාළ සැකකරු මාතලේ නගරයේ අවන්හලක් තුලදි පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන්  අත්අඩංගුවට පත්වු  මාතලේ යටවත්ත ප්‍රදේශයේ පදිංචි  සැකකරුගෙන් විමසීමේදී ඔහු සදහවන් කළේ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම් වරයෙකු රැකියා අවස්ථා කිහිපයක් ලබා දිමට හැකි බැවින් ඒ සදහා පුද්ගලයින් තමන්වෙත සම්බන්ධකර දෙන ලෙස තමන්ගෙන් ඉල්ලලීමක් කළ බැවින් තමන් ඒ සදහා පුද්ගලයින් සම්බන්ධ කර දී එම පුද්ගලයින්ගෙන් ලබා ගත් රුපියල් ලක්ෂ පහකට අධික මුදලක් ඔහුවෙත ලබා දිමට කටයුතු කළ බවත් එම මුදල් මැයි රැලිය සදහා වියදම් කරන බව අමාත්‍යවරයාගේ ලේකම් වරයා හා  අමාත්‍යවරයාවෙතද තමන් දැනුම් දුන් බව සදහන් සැකකරු සදහන් කළේය.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම රාජය අමාත්‍යවරයාගෙන් විමසීමේදි ඔහු සදහන් කළේ අදාළ සැකකරු තමන් හදුනන බවත් නමුත් ඔහු තමන්ගේ කාර්ය මංඩලයේ කටයුතු නොකල බවත් ඔහු පිලිබද තමන්ටද පැමිණිළි කිහිපයක් ලැබි ඇති අතර ඔහුට විරුද්ෂව තමන්ද නිතිමය පියවර ගැනිමට නියමිත බව වසන්ත අලුවිහාරේ මහතා පැවසීය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

නීතිවිරෝධී ලෙස හක් බෙල්ලන් ප්‍රවාහනය කල සැකකරුවෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය

Mohamed Dilsad

අතුරුදන්වූ බවට සැක කළ ධීවර බෝට්ටු යළි පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment