ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

රබර් ඉල්ලුම ලෝකයේ ඉහළ යන බැවින් රබර් වගාව රැකගත යුතුයි – ඇමති නවීන් කියයි

(UTV| කොළඹ) – ලෝකයේ ස්වාභවික රබර් සඳහා වන ඉල්ලුම 2025 වන විට වසරකට මෙක්ට්‍රික් ටොන් මිලියන 17 දක්වා ඉහළ යනු ඇති බවට විශේෂඥයින් පුරෝකතනය කර ඇති බැවින් රබර් වගාව වර්ධනය කිරීමටත් කුඩා රබර් හිමියන්ට වැඩි මිලක් ලබාදීම කෙරෙහි ලෝක රබර් සමුළුවේ අවධානය යොමුවිය යුතු බවත් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

කොළඹ දී ඊයේ (7) ආරම්භ වූ ලෝක රබර් සමුළුව 2018 සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස  සහභගී වෙමින් අමාත්‍යවරයා, සමුළුව අමතමින් මේ බව පැවසී ය.

රබර් භාණ්ඩ නිෂ්පදනයට ගන්නා ප්‍රධාන අමුද්‍රව්‍ය වන රබර් වගාව රැකගැනීම කෙරෙහි ලෝක රබර් නිෂ්පාදකයින්ගේ විශේෂ අවධානය යොමුවිය යුතු බවද අමාත්‍යවරයා පැවසී ය.

මෙම සමුළුවට ආසියා,අප්‍රිකා,දකුණු ඇමෙරිකා,ඇතුළු රටවල් 32ක රබර් නිෂ්පාදකයින් සහභාගී වන බැවින් ලෝකයේ රබර් නිෂ්පදනය හා වගාව හ කර්මාන්තය වැඩිදියුණු කිරීමට අදාල වැදගත් යෝජනා සහ නිර්දේශ මෙහිදී ගනු ඇතැයි තමා බලාපොරොත්තුවන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ජාත්‍යන්තර රබර් අධ්‍යයන කණ්ඩායමේ සභාපති අලී ටොරේ( Aly Toure ) එහි මහලේකම් සැල්වදොරේ පිනිසෝ ( Salvatore Pinizzo) , ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂ ආයෝජන එස්.පී.කේ.විජයනායක යන මහත්වරු ද මෙහිදී අඳහස් පළ කළේ ය.

රටවල් 36ක සාමජිකත්වය දරණ ජාත්‍යන්තර රබර් අධ්‍යයන කණ්ඩායම මඟින් සංවිධානය කරනු ලබන මෙම සමුළුව(08) අද පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලු ඖෂධ අලෙවිසැල් හිමියන් වෙත විශේෂ දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

එස්.බී ගේ ආරක්ෂකයන් රක්ෂිත බන්ධනාගාරයට [UPDATE]

Mohamed Dilsad

මහ මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරය ගැන රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment