විදෙස්

හිටපු අගමැති නජීබ් රසාක්ට රටින් පිටවීම තහනම්

(UTV|මලයාසියාව) – මලයාසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ට සහ ඔහුගේ බිරිඳට රටින් පිටවීම තහනම් කර තිබේ.

එරට ආගමන විගමන බලධාරීන් අද මෙම නිවේදනය නිකුත් කළේ හිටපු අග්‍රාමාත්‍යවරයා පවුලේ සාමාජිකයින් සමග ඉන්දුනීසියාවේ ජකර්තා නුවර වෙත සංචාරයක් සදහා පිටව යාමට නියමිතව තිබියදී ය.

2015 වසරේදී රාජ්‍ය ආයෝජන අරමුදලින් ඩොලර් මිලියන 700 කට අධික මුදලක් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු අග්‍රාමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබේ.

පසුගිය බදාදා පැවති මලයාසියානු මහ මැතිවරණයෙන් නජීබ් රසාක් පරාජයට පත් වූ අතර 92 හැවිරිදි මහාතීර් මොහොමඩ් එරට නව අග්‍රාමාත්‍ය ධුරයට පත්විය.

මලයාසියානු නව අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ හිටපු අග්‍රාමාත්‍යවරයාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් යළි විමර්ශනයක් කර රටට අහිමි වූ මුදල් අත්කර ගන්නා බව ය.

හිටපු අග්‍රාමාත්‍යවරයා රටින් බැහැරවන බවට ලද තොරතුරත් සමග ඊට විරෝධය පල කරමින් පුද්ගලයින් සිය ගණනක් ක්වාලාලම්පූර් නුවර සුල්තාන් අබ්දුල් අසීස් ෂා ගුවන්තොටුපොළ අසලට රැස්වී සිටින බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඊශ්‍රායල – පලස්තීන ගැටුම් තවත් උග්‍ර අතට

Mohamed Dilsad

ඉතාලි අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වේ

Mohamed Dilsad

ඉන්දියාවේ ග්ලැසියර තට්ටුවක් කඩා වැටීමෙන් 170 ක් අතුරුදන්

Mohamed Dilsad

Leave a Comment