ප්‍රමුඛ පුවත 1

ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයකට ගංවතුරින් බලපෑම්

(UTV|ගාල්ල) – පැවති අධික වර්ෂාවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇති බව ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

පසු ගිය දින රාත්‍රියේ ඇති වු අධික වර්ෂාවත් සමඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වී ඇත. මේ වන විට ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 04ක එනම් බොපේ පොද්දල, කඩවත් සතර, බලපිටිය සහ අක්මිමණ යන ප්රාවදේශීය ලේකම් කොට්ඨාසයන්හි ග්‍රාම සේව වසම් 37 ක පුද්ගලයින් 7,742ක් පීඩාවට පත්ව ඇති අතර, වැඩි බලපැමක් සිදුව ඇත්තේ බලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසටය.

ඇතිවූ වර්ෂාව හේතුවෙන් එම කොට්ඨාසයේ නිවාස 142ක් අර්ධ හානි ලෙස වාර්තා වන අතර, කිසිදු ජිවිත හානියක් වාර්තා නොවේ. එමෙන්ම පස් කණ්ඩියක් නාය යම නිසාවෙන් හබරාදුව හප්පාවන, කඩවත් සතර බටගන්විල නිවාස 03ක්  හානියට ලක්වි ඇත.

මේ වන විට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සහ ආපදා සහන සේවා ඒකකය පීඩාවට පත් වුල් වෙනුවෙන් වියළි සලාක ලබාදීම සිදු කරගෙන යන අතර, වැඩ බලන මාතර දිස්ත්‍රිවක් ලේකම් ප්‍රදිප් රත්නායක මහතාගේ උපදෙස් පරිදි එම කටයුතු ක්‍රියාත්මකය. මේ වන විට බොහෝ ස්ථානයන්හි ජලය සැලකිය  යුතු මට්ටමින් බැසගොස් ඇති බවද ආපදා ඒකකය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

අල්ලස් ගත් ගාලු විදුහල්පතිනිය රිමාන්ඩ්..

Mohamed Dilsad

එ.ජා.ප ජනාධිපති අපේක්ෂකයා තේරීමට සිව් පුද්ගල කමිටුවක් [VIDEO]

Mohamed Dilsad

ශ්‍රී ලංකා – චීන ජනපතිවරු අතර දුරකථන සංවාදයක්

Mohamed Dilsad

Leave a Comment