ප්‍රමුඛ පුවත 1

මියගිය උතුරේ දෙමළ ජනතාව සිහිකර සැමරුම් පැවැත්වීම නීත්‍යානුකූළව අවසර දී නෑ .රජය කියයි

(UTV| කොළඹ) – යුද්ධයෙන් මියගිය උතුරේ දෙමළ ජනතාව සිහිකර සැමරුම් පැවැත්වීමට නීත්‍යානුකූළ අවසරයක් ලබාදී නොමැති බව නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

තණමල්විල ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙරට ත්‍රස්තවාදය පරාජය කර රටට සාමය උදා කළ රණවිරුවන් සිහිකරමින් අද(18) දිවයිනේ ස්ථාන රැසක සැමරුම් සංවිධානය කර තිබුණි.

යුද්ධයෙන් මියගිය උතුරේ දෙමළ ජනතාව සිහිකර සමරු ස්මාරකයක් අද මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේදී විවෘත කර තිබේ.
ඒ උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙනි.

නමුත් තණමල්විල ප්‍රදේශයේ අද පැවති උත්සවයකින් අනතුරුව නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ මෙවැනි සැමරුම් සඳහා නීත්‍යානුකූල අවසරයක් ලබාදී නොමැති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නීති විරෝධී ධීවර පන්න ක්‍රම තහනම් කෙරෙන ධීවර පනත අද පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ඉන්ද්රජිත් කුමාරස්වාමි ඇතුළු පිරිස කෝප් කමිටුව හමුවට…

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment