ප්‍රමුඛ පුවත 1

සී.ජී විරමන්ත්‍රී මහතා අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,කොළඹ) –  කීර්තිමත් අධිකරණ විනිසුරුවරයෙකු වූ සී.ජී විරමන්ත්‍රී මහතා අභාවප්‍රාප්ත වෙයි.

අද පස්වරු 04.15ට පමණ වීරමන්ත්‍රී මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ ඒ මහතා 1948 වසරේදී නීතිඥවරයෙකු ලෙස කටයුතු කිරීම ආරම්භ කර තිබේ.

1967 වසරේ සිට 1972 වසර දක්වා කාලය තුළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ සී.ජී වීරමන්ත්‍රී මහතා අන්තර් ජාතික යුක්ති අධිකරණයේ විනිසුරුවරයෙකු සහ උප සභාපතිවරයෙකු ලෙස කටයුතු කර ඇත.

අන්තර් ජාතික වශයෙන් විනිසුරුවරයෙකු ලෙස ඔහු ලබා දුන් තීන්දු හරහා ඒ මහතාගේ සේවය වඩාත් ඇගයීමට ලක් විය.

Related posts

ඇවන්ගාඩ් නඩුවේ නිශ්ශංකට සහ පාලිතට වරෙන්තු

Mohamed Dilsad

මරදමඩු දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සැමරේ

Mohamed Dilsad

අදත් බොහෝ ප්‍රදේශ වලට වැසි

Mohamed Dilsad

Leave a Comment