ප්‍රමුඛ පුවත 1

මේ වසරේ ඇඟලුම් අපනයනය ඉහළට

(UTV| කොළඹ) – 2017 වසරේ මුල් කාර්තුව සමඟ සන්සන්දනය කරන විට 2018 මුල් කාර්තුවේ ශ්‍රී ලංකා  ඇඟළුම් අපනයනය සියයට 4 % කින් වැඩි වී ඇති බවත්, 2017 වසරේ මුල් කාර්තුවේදී ශ්‍රී ලංකාව  ඇඟළුම් අපනයනයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.21 ක් (1.21 Billion US Dollar) හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 19,155.5 ක් උපයාගෙන ඇති බවත්,කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

එය 2018 වසරේ මුල් කාර්තුව වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1.26 ක් (1.26 Billion US Dollar) හෙවත් ශ්‍රී ලංකා රුපියල් කෝටි 19,947 ක් දක්වා වර්ධනය වී ඇති බව ද සඳහන්ය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති AISEX 8 වැනි මහා ප්‍රදර්ශනය විවෘත කිරීමේ උළෙලට සහභාගී වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මෙසේද පැවසීය.

“මේ වසරේදී අපගේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය. ක්‍ෂේත්‍රයට ඉතා හොඳ කලක් ලබලා තියෙනවා. මේ නිසාම අපට 2017 මුල් කාර්තුවට වඩා 2018 මුල් කාර්තුවේදී රුපියල් කෝටි 791.5 ක (ඩොලර් මිලියන 50) ක අමතර ආදායමක් ඇඟළුම් අපනයනයෙන් උපයා ගන්නට හැකි වී තියෙනවා. මේ නිසාම අපි තව දුරටත් අපගේ ඇඟළුම් ක්‍ෂේත්‍රයේ ගුණාත්මකභාවය හා ප්‍රමිතිය ඉහළ දමමින් අපගේ නිෂ්පාදන ඉහළම මට්ටමට ගෙන ඒමට පියවර ගන්න ඕන. ඒ සඳහා ඔබට ඇති අභියෝග සියල්ලම ජය ගැනීම ඔබගේ වගකීමක් වෙනවා. රජයක් ලෙස අප ඔබට අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අපිට GSP + සහනය යළිත් ලැබීමත් සමඟ අපි එයින් උපරිම ප්‍රයෝජනය ලබා ගන්න ඕන. ඒ වගේම අපි යුරෝපය හා ආසියාවේ අනෙකුත් රාජ්‍යයන් වෙතත් අපගේ ඇඟළුම් අපනයනය සඳහා වෙළෙඳපොළ පුළුල් කරගන්නට ඕන. ඒ වගේම යුරෝපයත් අපගේ ප්‍රධාන ඇඟළුම් වෙළෙඳ පොළක් වෙනවා. පසුගිය වසරේ ශ්‍රී ලංකාව යුරෝපයට ඇඟලුම් අපනයනය කිරීමෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2ක (2 Billion US Dollar ) ආදායමක් උපයා තියෙනවා. අපගේ සමස්ත ඇඟළුම් අපනයනයෙන් සියයට 42% ක්ම අපනයනය කරන්නේ යුරෝපයටයි. ඒ වගේම මෙම වර්ෂයේ මුල් කාර්තුවේ යුරෝපයට සිදු කරන ලද ඇඟළුම් අපනයනය සියයට 5.2% කින් ඉහළ ගොස් තියෙනවා. එහි වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 526 ක් වෙනවා. එය 2017 දී ඇමරිකානු ඩොලර් මිලියන 500 ක් වුණා. ඒ වගේම ඇමරිකාවට කරන ඇඟළුම් අපනයනය මේ වසරේ මුල් කාර්තුවේදී සියයට 5.1 කින් වැඩිවෙලා තියෙනවා. 2018 මුල් කාර්තුවේදී ඇමරිකාවට අපනයනය කරන ලද ඇඟළුම් ප්‍රමාණයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 576 ක් වුණා. එය 2017 මුල් කාර්තුවේදී ඇමරිකානු ඩොලර් මිලියන 548 ක් ලෙස වාර්තා වී තියෙනවා.” යැයි පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කමීර් නිසාම්දීන් ඕස්ටේ‍්‍රලියානු පොලීසියට නඩු පැවරීමට සුදානම්

Mohamed Dilsad

බැටිකලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්න නිර්දේශයක්

Mohamed Dilsad

ඇමති රිෂාඩ් මිනුවන්ගොඩ තත්ත්වය නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

Leave a Comment