ප්‍රමුඛ පුවත 1

ආපදා පිළිබඳව තොරතුරු දැනගැනීමට 117 දුරකතනය පැය 24 පුරා ක්‍රියාත්මකයි

(UTV| කොළඹ) – ගංඟාවල ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විමසිලිමත් වන ලෙසත්, නාය  යෑම් ලක්ෂණ දුටුවහොත් වාහම එම ස්ථානවලින් ඉවත් වීමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිව තිබෙන ආපදා තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කරමින් අද (21) උදෑසන මේ බව සඳහන් කළේ ය.

තද වැසි අඛණ්ඩව ඇති වුණ. ගංගා ජල මට්ටම වැඩි වී තිබෙනවා. රත්නපුර කළුතර ප්‍රදේශවල පුද්ගලයන් ඉවත්  කරමින් පවතිනවා. කැලණි ගන්නේ ජල මට්ටම වැඩි වෙමින් පවතිනවා. ගිං ගඟේ ජල මට්ටම,තවලම ප්‍රදේශයේ  වැඩි වෙමින් පවතිනවා. වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ දත්ත අනුව ගංවතුර අවදානමක් පෙනෙන්නට තිබෙනවා.  පිටබැද්දර ප්‍රදේශයෙන් නිල්වලා ගඟේ ජල මට්ටම වැඩි වී තිබෙනවා. ජනතාවට සුරක්ෂිත ස්ථානවල රැදෙන්නට  කියා ජනතාවට උපදෙස් ලබදුන්නා.

නාය යෑම් නිවේදන අඛණ්ඩව නිකුත් කරනු ලැබුවා. රත්නපුර,කළුතර, කෑගල්ල, නුවර එළිය, මහනුවර යන  දිස්ත්‍රික්කවල අවධානම් ප්‍රදේශවල, රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අවදානම් කලාපවල තවදුරටත් රැදී
සිටින ජනතාව එම කලාප වලින් එවත්වන ලෙස ඉල්ලා සිටිනවා.

කැලණි හඟ සහ කළු ගඟ ජල මට්ටම වැඩි වෙමින් පවතිනවා. ජනතාව මේ පිළිබඳව විමසිලිමත් වන්න. ගංවතුර  භාවිතයෙන්, දිය නෑමෙන් වළකින්න. අනාරක්ෂිත ප්‍රදේශවල දිය නෑමෙන් වළකින්න.

අකුණු අනතුරු හේතුවෙන් මරණ තුනක් වාර්තා වුණා.අකුණු අනතුරු අවම කරගැනීමට සියලු ජනතාව පියවර ගත  යුතුයි.නිවෙස් තුළ විද්‍යුත් පරිපථ විසන්ධි කොට ආරක්ෂිතව රැදී සිටීම වැදගත් වෙනවා. නාය යෑම් ලක්ෂණ දුටු  වාහම ඉවත් වන්න.ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන්න.117 දුරකතනය පැය 24 පුරා ක්‍රියාත්මක බවද ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීන තානාපති නව ජනපති හමුවෙයි [VIDEO]

Mohamed Dilsad

වහා ක්‍රියාත්මක වන පිරිදි පොලිස් නිළධාරීන් 60 කට ස්ථාන මාරුවීම්

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අද

Mohamed Dilsad

Leave a Comment