ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන් වරදකරු වෙයි

(UTV| කොළඹ) – හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට  බැණ තර්ජනය කිරීමේ සිද්ධියට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වරදකරු වෙයි.

අද(24)  හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග මහත්මිය විසින් මේබව දැනුම් දුන්නේ්ය.

ඒ අනුව උන්වහන්සේට දඩුවම් නියම කිරීම ලබන මස 14 වනදා සිදු කෙරෙනු ඇත.

2016 වසරේ ජනවාරි 25 වනදා ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව දැක බලා ගැනීමට ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝද පැමිණ සිටියහ.

එම නඩුව අවසන් වීමෙන් පසු පිටතට පැමිණි සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට උන්වහන්සේ තර්ජනය කළ බවට චෝදනා එල්ල වුණේය.

පසුව, ඒ සම්බන්ධයෙන් ඇගේ නීතිඥයින් එවකට හෝමාගම මහේස්ත්‍රාත්වරයාව සිටි රංග දිසානායකට දැනුම් දුණි.

පසුව සැකකාර ඥානසාර හිමියන් අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය.

ඒ අනුව, අඩත්තේට්ටම් කිරීම සහ සාපරාධි බිය ගැන්වීම යන චෝදනා යටතේ හෝමාගම පොලීසිය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නඩු පැවරූ අතර, අද එම චෝදනා දෙකටම උන්වහන්සේ වරදකරු කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඒකාධිපති පාලනයකට හා ආඥාදායකත්වයකට යළි රට තුළ ඉඩ නොතබන බව ජනපති අවධාරණය කරයි

Mohamed Dilsad

ක්ෂේත්‍ර 14 ක් යටතේ ලාංකික ශ්‍රමිකයින්ට ජපානයේ රැකියා අවස්ථා

Mohamed Dilsad

අගමැති හෙට චීනයට

Mohamed Dilsad

Leave a Comment