විදෙස්

ට්‍රම්ප් යළි අනතුරු අඟවයි

(UTV|ඇමෙරිකාව) – ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය හමුදා සීරුවෙන් බවට අනතුරු අඟවා තිබේ.ඒ විවෘත එදිරිවාදී උතුරු කොරියාවට ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකාව සූදානම් බවට අනතුරු අඟවමිනි.

ලබන මාසයේදී පැවැත්වීමට නියමිතව තිබූ කිම් ජොන් උන් සහ තමන් අතර ඓතිහාසික සමුළුව ජනපති ට්‍රම්ප් ඊයේ(24) අවලංගු කළේය.

ලබන 12 වන දින සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත වූ දෙරට අතර නායක හමුව තමන් අවලංගු කරන බව අමෙරිකානු ජනපතිවරයා දැනුම් දී ඇත්තේ, උතුරු කොරියානු නායකයා වෙත ලිපියක් යොමු කරමිනි.

ධූරයේ සිටින අමෙරිකානු ජනපතිවරයෙකු උතුරු කොරියානු නායකයෙකු සමගින් පැවැත්වෙන පළමු සාකච්ඡාව ලෙස මෙම හමුව ඉතිහාසගත වීමට නියමිතව තිබිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බ්‍රිතාන්‍ය අගමැතිගේ තත්ත්වය යහපත් අතට

Mohamed Dilsad

තවත් සෙල්ෆියකට ජීවිතයෙන් වන්දි ගෙවූ තරුණියක්(වීඩියෝ)

Mohamed Dilsad

ජපාන විදේශ ඇමති ඇතුළු නියෝජිත පිරිසක් ලබන සතියේ දිවයිනට

Mohamed Dilsad

Leave a Comment