ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත්කරනවා -නව සභාපති කියයි

(UTV| කොළඹ) – අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ 20 වන සභාපතිවරයා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මැතිතුමා විසින් පත් කල සිංහ, බිනර ජයවර්ධන මහතා අද (28) පාදුක්ක පානළුව පිහිටි රජයේ මුද්‍රණ නීතිගත සංස්ථා පරිශ‍්‍රයේ දී වැඩ භාර ගනු ලැබීය.

වැඩ භාර ගනිමින් අභිනව සභාපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ මේ වන විට අතිශය පාඩු ලබන තත්ත්වයක පවතින මුද්‍රණ නීතිගත සංස්ථාව ඉතා ඉක්මණින්  ලාභ ලබන ආයතනයක් බවට පත් කරන අතර මේ වසර  අවසන් වීමට පෙර එහි සැලකිය යුතු වර්ධනයක් අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වන බවයි.

එසේම පවතින සම්පත්වලින් උපරිම කාර්යක්ෂම සහ පලදායි සේවාවන් රැසක් ඉටු කිරීමට නායකත්වය ගැනීමටත් , සේවක සුභ සිද්ධිය සහ සුභ සාධනය ඉහල නැංවීමටත් තම පාලන සමය තුල බලාපොරොත්තු වන බවත් වැඩිදුරටත් පැවසිය.

වැඩ භාර ගැනීමෙන් අනතුරුව සංස්ථා සේවකයන් විසින් සංවිධානය කල පිළිගැනීමේ උත්සවයකට ද සභාපතිවරයා සහභාගී විය.

පාසල් පෙළපොත් අඩුපාඩුවකින් තොරව නොපමාව ශ්‍රී ලාංකීය සිසු පරපුරට ලබා දීමේ අරමුණු පෙරදැරිව 1968 අංක 24 දරන රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථා  පනතින් ආරම්භ කළ මෙම ආයතනය වර්තමානයේ පාසල් පෙළපොතට අමතරව තම ඍජු වෙළෙඳ නාමය යටතේ පාසල් දරුවන්ට අවශ්‍ය අභ්‍යාස පොත් මුද්‍රණ හා ප‍්‍රකාශන කටයුතුවල ප‍්‍රකට නමක් දිනා ඇත.

බිනර ජයවර්ධන මහතා දිස්ත්‍රික් 306 C-2 සිංහ සමාජයේ උප සිංහාධිපතිවරයා ලෙසද කටයුතු කරන සමාජ සේවකයෙක් ලෙස කිර්තියක් දිනා සිටින අයෙකි.

ප්‍රවෘත්තිමය වටිනාකමකින් යුත් මේ පුවතට ඔබ ආයතනයෙන් පුළුල්ප්‍රචාරයක් ලබා දීමට කටයුතු කරදෙනමෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සයුරළ නෞකාව කොළඹ වරායට

Mohamed Dilsad

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් නිවේදනයක්

Mohamed Dilsad

පාසල් මට්ටමින් දීපව්‍යාප්ත ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

Leave a Comment