ප්‍රමුඛ පුවත 1

දින100 සත්‍ය කතාව හෙළි කිරීමට සුදානම් – ජනපති කියයි

(UTV| කොළඹ) – මාදුළුවාවේ සෝභිත හිමියන් දෙවි කෙනෙක් වෙලා හරි උඩ සිට බලාගෙන ඉන්නවා නම් සත්‍ය කරුණු හෙළිකරාවි යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (30) පැවැසීය.  ජනාධිපති එසේ පැවැසුවේ අපවත්වී වදාළ මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දින සැමරුම් උළෙල කොළඹ පදනම් ආයතනයේ දී පැවති අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ”අද මම මේ ස්ථානයට එන්න කළින් මම එන්නේ නෑ කියලා කිව්වයි කියලා මට ආරංචි වුණා. මේ උත්සවයට මට ආරාධනයක් නැහැ. කිසිම දැනුම්දීමක් නැහැ. මේ රටේ අනිත් දේවල් සිද්ධ වෙන්නෙත් එහෙමයි. මේ පදනම් ආයතනයේ සභාපති පත් කරලා ඉන්නේ මම. පදනම් ආයතනයේ විශේෂ දෙයක් තියනවා නම් එතුමා මට ටෙලිෆෝන් කරලා කියනවා. ඊයේ හවස මගෙන් ඇහුවා සර් හෙට සෝභිත හාමුදුරුවන්ගේ උත්සවයට එනවද? මම ඇහුවා හෙට කොහෙද? මෙහේ තියෙන්නේ. මම ඇහුවා කීයටද? 03.00 ට කිව්වා. සර්ගේ නමත් ආරාධනා පත්‍රයේ තියනවයි කිව්වා. මම කිව්වා මම නම් එහෙම එකක් දන්නේ නැහැ. මම මගේ පුද්ගලික ලේකම්ට කතා කරලා මම ඇහුවා සෝභිත හාමුදරුවන්ගේ ගුණ සමරු උත්සවයට මට ආරාධනයක් ආවද. නැහැ එහෙම එකක් ආවේ නැහැ කිව්වා. මම මගේ කාර්යාලයේ එක් කෙනෙකුගෙන් දෙන්නෙකුගෙනුන් ඇහුවා. මගේ මාධ්‍ය අධ්‍යක්ෂගෙනුත් ඇහුවා. මගේ මාධ්‍ය අධ්‍යක්ෂ කිව්වා සර් ඕකේ වැඩ මූලිකත්වයේ ඉන්නේ රවී ජයවර්ධන මහත්මයානේ කියලා. මම රවීට කෝල් එකක් ගත්තා. මම ඇහුවා හෙට මෙහෙම එකක් තියනවද? මට මේ පිටින් ආරංචි වුණා. මට නම් ආරාධනයක් නැහැ කියලා. ඊට පස්සේ මම හිතන්නේ එතුමා සොයා බලන්න ඇති. ටික වෙලාවකට පස්සේ මට ආයිත් කතා කෙරුවා. සර් වැරදීමක් වෙලා තිබෙනවා. සේරම හිතලා තිබෙනවා සර්ට කවුරු හරි ආරාධනා කරයි කියලා. නමුත් කවුරුවත් දීලා නැහැ කියලා.

හාමුදුරුවන්ගේ අනුශාසනාවේදී ඔබ වහන්සේ අනුශාසානා කළා මම එන්නේ නැහැ කිව්වහම නිකන් මොකදෝ වුණා කියලා කිව්වා. මම හිතන්නේ එහෙම වෙන්න ඇත්තේ ඔබවහන්සේ හිතාගෙන ඉන්න ඇති. මෙයා එයි. ආපවුහම මට කියන්න තියන ටික හොඳට කියන්න පුළුවන් කියලා. එන්නේ නැහැ කියලා මෙතන ප්‍රචාරයක් ගියාම හිතන්න ඇති ඒකෙන් තමයි ඔබවහන්සේට යම්කිසි හිතේ අමාරුවක් ඇති වුණා නම් ඇතිවෙන්න ඇත්තේ. ඔබවහන්සේ නම නොකියා කිව්වා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම භාරගත්තට පස්සේ තමයි රොටිය ඇට්ට කුණා වුණේ කියලා. හාමුදුරුවනේ රොටිය ඇට්ට කුණා වුණු හැටි රොටිය කන්න බැරුව කර වෙච්ච හැටි මට හොඳට කියන්න පුළුවන්. මම ඔබවහන්සේට නෙවෙයි මේ කියන්නේ මේ ගැන කියන වෙන අයට. මාත් එක්ක සංවාදයකට සාකච්ඡාවකට එනවා නම්. කවුද මේක කෙරුවේ කියලා.

මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේ සමඟ මගේ සම්බන්ධතාවය උන්වහන්සේ අපවත් වෙන්න අවුරුදු 25 කට විතර එහා ඉඳලා. විශේෂයෙන්ම උන්වහන්සේ යුද්ධ කාලේ ඈත ගම්මානවලට ගිහිල්ලා ජනතාවගේ දුක සැප බලලා කන බොන දේවල් දීලා මහ විශාල සේවයක් උන්වහන්සේ ඒ වෙලාවේ කළා. ඒ අසරණ වුණූ ජනතාවට. ඒ වැඩවලට ත්‍රිකුණාමලය, මඩකළපුව, අනුරාධපුර දිස්ත්‍රික්කවල මම කිසිසේත් හඳුන්වන්නේ නැහැ මායිම් ගම්මාන කියන වචනේ. ඒ පළාත් වලට යාබදව තිබුණු ගම්මානවලට උන්වහන්සේ ගියා. බොහෝ අවස්ථාවලදි මම ඒවාට සහභාගි වුණා. උන්වහන්සේගේ වැඩකටයුතුවලට මම උදව් කෙරුවා. උන්වහන්සේ මාව හොඳට දැන ඇඳිනගෙන හිටපු කෙනෙක්. උන්වහන්සේ පොළොන්නරුවේ ගියාම රාත්‍රි කාලයට වැඩ සිටියේ පොළොන්නරුව නගරයේ ඉසිපතනාරාම විහාරස්ථානයේ. ඒ නිසා උන්වහන්සේ පිළිබඳව මගේ තිබෙන්නේ ඉමහත් වූ ගෞරවයක්. මාව පොදු අපේක්ෂකයා විදියට තෝරා ගැනීමෙන් පසුව ඇතිවුණු දෙයක් නෙවෙයි ඒක. ඉතාම විනයධර ධර්මධර සිල්වත් දේශමාමක දේශහිතෛෂී ඉතාම ගුණවත් ස්වාමීන් වහන්සේ නමක් ගෞරවනීය මාදුළුවාවේ සෝභිත හාමුදුරුවෝ කියලා කියන්නේ. උන්වහන්සේ බලාපොරොත්තු වුණු දර්ශනය උන්වහන්සේ බලාපොරොත්තු වුණු අරමුණ ඒක කවුද විනාශ කෙරුවේ.

කථානායකතුමනි, මම අද මෙතන්ට අහම්බෙන් ආවත් මම හිතුවා මට ආපුවහම කතාවක් ඇති කියලා. ඒ නිසා එනකොට මම අද ඬේලි මිරර් එක අරගෙන ආවා. මම උදේ 05.00 ට පත්තර බලන්නේ. අද ඬේලිමිරර් එකේ මාතීර් මොහොමඞ් මැතිතුමාගේ ෆොටෝ එක වම් පැත්තට දාලා දකුණු පැත්තට මගේ ෆොටෝ එක දාලා මාතීර් මොහොමඞ් මහත්මයා බලයට ඇවිල්ලා දවස් පහෙන් කළා කියලා වැඩ වගයක් දාලා තියෙනවා. මගේ ෆොටෝ එක යටින් විදින් ත්‍රී ඉයර්ස් කියලා ක්වෙක්ෂන් මාර්ක් දාලා. මේකේ තියනවා ඇමතිවරු නව දෙනෙක් ඇරෙස්ට් කෙරුවයි කියලා. ඒ කියන්නේ පළවෙනි දවස් පහේ. ඊළඟට මේකේ තියනවා එයාර්පෝට් එකෙන් යන්න නොදී නවත්පු එක. ඒක ඇත්ත. හිටපු අගමැතිතුමාට. ඒ පවුලේ අයට යන්න පුළුවන්. නජීත් හිටපු අගමැතිතුමාට යන්න බැහැ කියලා නීතියක් දැම්මා. ඒක ඇත්ත. ඊළඟට තිබෙනවා ඇරෙස්ටඞ් 144 බිස්නස්මන් ෆො කරප්ෂන්. ඊළඟට තිබෙනවා ඇරෙස්ටඞ් 50 ජජර්ස් ෆෝ කරප්ෂන්. විනිශ්චයකාරවරු 50 ක් ඇරෙස්ට් කළා කියලා. මම මේ පත්තරේ බලලා උදේ මැලේෂියාවට කතා කළා.

මම මැලේෂියාවේ අපේ තානාපතිට කතා කළා. මැලේෂියන් ප්‍රධාන මහතීර් මොහොමඞ් මහත්මයාගේ පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සම්බන්ධකම් පවත්වපු පක්ෂයක්. ඒ නිසා මම ඒකේ වැඩ කරන අය දන්නවා. මම ඒ එක්කෙනෙකුටත් උදේ කතා කළා. කතා කරලා මම ඇහුවා ඬේලි මිරර් එකේ මෙහෙම තියනවා. මේවා ටික ඇත්තද? ඒ හැම කෙනෙක්ම කිව්වා අමූලික බොරු කියලා. දැන් පසුගිය සතියක් දෙකක් සමාජ වෙබ් අඩවිවලින් ගහනවා මට මෙන්න මේ කතන්දරේ දාලා. මහතීර් කරපු දේ ඇයි මෙයාට කරන්න බැරි. හිටපු අගමැති නජීඞ් මැතිතුමාගෙන් දවසක් සම්පූර්ණයෙන් ප්‍රශ්න කළා. ඒත් එතුමාවත් තවම ඇරෙස්ට් කරලා නැහැ. බලන්න විනිශ්චයකාරවරු 50 ක් ඇරෙස්ට් කරලා තිබෙනවා. මම හරිම කනගාටු වෙනවා මම බොහෝම ගරු කරන පත්තරයක් ඬේලි මිරර්. නමුත් මේ ප්‍රවෘත්තිය කොච්චර අසත්‍ය ද කියන එක. මේක මැලේෂියාවට හොඳ නැහැ. දවස් 05 කින් මේ කරන දේවල් කරන්න පුළුවන්නම් ඒ රට ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙවෙයි. දවස් 05 කින් මේක කරන්න පුළුවන් නම් නීතියක් නැති රටක්. විනිශ්චයකාරවරු 50 ක් අත්අඩංගුවට ගන්න ඇමතිවරු 09 දෙනෙක් අත්අඩංගුවට ගන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් 144 ක් දවස් පහකින් අත්අඩංගුවට ගන්න පුළුවන් නම් ඒක නීතියක් නැති රටක්.

අපේ අවුරුදු තුනහමාරක් ගිහිල්ලා සමහර අය ඇරෙස්ට් කරලා තිබෙනවා. නඩු දාලා තිබෙනවා. නඩු අහනවා. තව සමහර අය ගැන පරීක්ෂණ යනවා. ඇයි මම මේදේ කෙරුවේ නැත්තේ කියලා අහනවා. මට මේකට උත්තර දෙන්න වෙනවා. ගෞරවනීය සෝභිත නායක ස්වාමීන් වහන්සේගේ දර්ශනයට අරමුණට ගරු කරන කෙනෙක් විදියට ඒ දර්ශනය පිළිපදින කෙනෙක් විදියට ඒ දර්ශනය සහ ඒ ප්‍රතිපත්තිය අනිවාර්යයෙන් කළ යුතුයි කියන ස්ථිරසාර ප්‍රතිපත්තියක ඉන්න කෙනෙක් විදියට. කථානායකතුමනි, 2015 ජනවාරි මාසේ 08 ඡන්දේ තියලා ජනවාරි 09 ඔබතුමාට වගේම අනිත් සියලුදෙනාට මතක ඇති මැතිවරණ කොමසාරිස්තුමා අපට එන්න කියලා තරග කරපු පක්ෂවලට ප්‍රතිඵල නිකුත් කෙරුවේ 2.00 ට. ඒ වෙන කොට මහින්ද රාජපක්ෂ මහත්මයාලා සේරම බඩු අරගෙන යනවා. මහින්ද රාජපක්ෂ මහත්මයට ගෙනැල්ලා තිබුණු ආරක්ෂක රථ ජනාධිපතිවරයාට තිබුණ ඒවා එතන තිබුණු ඒවායින් එතුමාට ඕනිවිදයට අලුත්ම වාහන. ඒ අලුත්ම වාහන එතුමාට අවශ්‍ය ප්‍රමාණය ඔක්කොම කියලා අරගෙන ගියා. ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට අලුත් තාක්ෂණික උපකරණයක් ජනාධිපති ඉන්න තැන ඉඳලා මීටර් 100 ක් විතර එහායින් ඒක තියෙන්නේ. මොනවහරි පුපුරන ද්‍රව්‍යයක් තියනවා නම් ඒ පුංචි තාක්ෂණ උපකරණයට දැනෙනවා. ඒකත් ඒ කාර් එකක් ඇතුළේ තමයි යන්න ඇත්තේ. අදත් මට ඒක නැහැ. අලුත් වාහනවලින් දෙකක් ඉතුරු කරලා තිබුණා.

මගේ ආරක්ෂක නිලධාරීන් කිව්වා සර් අගමැතිතුමාගේ කට්ටිය ඇවිල්ලා ඉන්නවා අගමැතිතුමාට වාහන නැහැ කියලා මේ අංක පෙන්නලා. මෙන්න මේ වාහන දෙක ඉල්ලනවා. මම කිව්වා එතකොට අරයා ගෙනිච්චා අලුත් වාහන. ඉතුරු වෙලාතිබුණේ අලුත් වාහනවලින් දෙකයි. ඒ දෙක මට තිබුණු දෙක. ඒ දෙකනේ අගමැතිතුමා ඉල්ලන්නේ. මම කිව්වා දෙන්න. ඒ වාහන දෙක දුන්නා අගමැතිතුමාට. මම අවුරුදු දෙකහමාරක් පාවිච්චි කෙරුවේ පරණ වාහන. මහින්ද රාජපක්ෂ මහත්මයා යන්නේ නැතිව අයින් කරපු වාහන මම පාවිච්චි කෙරුවේ. රවී මුදල් ඇමති විදියට සාක්ෂි දරනවා. අවුරුදු දෙකහමාරකට පස්සේ මම කාර් දෙකක් ගෙන්න ගත්තේ. මට යන්න වාහන නැති නිසා. අර පරණ වාහන නිසා. මුදල් ඇමති විදියට සල්ලි දුන්නා මට. අවුරුදු දෙකහාමරකට පස්සේ. තංගල්ලට යන්න හෙලිකොප්ටර් දුන්නේ කවුද? මම ද දුන්නේ. මේවට උත්තර දෙන්න ඕන අය දෙන්න ඕන. මම අද මේක දැකලා මැලේෂියාවට කතා කරලා මේ තොරතුරු අරගෙන අද උදේ මම ගුවන් හමුදාපතිට කතා කෙරුවා. ගුවන්හමුදාපතිට කතා කරලා මම ඇහුවා මැතිවරණ ප්‍රතිඵලවලින් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයලාට යන්න හෙලිකොප්ටර් දුන්නද? කවුද ගුවන් හමුදාපතිතුමාට උපදෙස් දුන්නේ. කාගෙද නියෝග. එතකොට දැන් ඉන්න ගුවන් හමුදාපති එතකොට දෙවෙනියා. එතුමට මට කිව්වා ජනාධිපතිතුමා කිව්වා කියලා අහවලා කිව්වා කියලා. මම කිව්වා කියලා. මගෙන් ඇහුවෙත් නැහැ. ටෙලිෆෝන් කෝල් එකක්වත් නැහැ.

හාමුදුරුවනේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත්ත නිසා ආණ්ඩුව ඉවරයි කියලා කියනවා කට්ටිය. ආණ්ඩුව නැති වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්තට පස්සේ කියලා. පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට ආසන 47 යි තිබුණේ ඒවෙලාවේ. ආසන 47 ක් තියෙද්දි රනිල් වික්‍රමසිංහ මහත්මයා අගමැතිවරයා ලෙස දිවුරුම් දෙනවා.ඒවෙලාවේ තුනෙන් දෙකක බලයක් තිබුණේ මහින්ද රාජපක්ෂ මහත්තයාටයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආසන 142ක් තිබුණා එයින් 127ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු. කථානායකතුමනි, මම දන්නේ නැහැ දින සීයේ වැඩසටහන හැදුවේ කව්ද කියලා. මම බොහෝම ගරු කරනවා සතුටු වෙනවා ස්තූති කරනවා අදත් මාව පොදු අපේක්ෂකයා විදියට අර ගත්තා. ඒ ගත්ත එකටත් දැන් සමහර අය කියනවනේ මෙයා ඉන්න ඕනේ නැහැ මෙයා නැතිව ඒ වෙලාවේ මොකෙක් දැම්හමත් බලු කපුටෙක් දැම්මත් දිනනවයි කියලා. එහෙම නම් දාගන්න එපැයි. දාගන්නේ මොකටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්ව. මම මේ කියන්නේ එහෙම කියන අයට. මම කියනවා මිනිහෙක් නැති හින්දයි මාව ගත්තේ කියලා. සෝභිත හාමුදුරුවන්ගේ අන්වහන්සේ ඉස්සරහ මම මේක කියනවා. මම මහා බලවත් රාජපක්ෂ පවුල ආණ්ඩු කරන කොට රට තුළ ඇති වුණූ ජනතාවම කියපු ඒකාධිපතිත්ව දරදඬු ස්වභාවය අතුරුදන්වීම් බරපතළ වංචා දූෂණ එවැනි වෙලාවක මම එළියට ආවේ සිංහයෙක් වාගේ.

මම රදළයෙක් නෙවෙයි රදළ පවුලක. මම සල්ලිකාර පවුලක නෙවෙයි. මම ධනපති පවුලක නෙවෙයි. මම පරම්පරාවකත දේශපාලන පවුලක නෙවෙයි. නමුත් මම ඒ කැපකිරීම කළා. නමුත් අද හුඟ දෙනෙකුට ඒක අමතකයි. දින සීයේ වැඩසටහන කරන්නේ කොහොහමද පාර්ලිමේන්කතුවේ බලයක් නැතිව. මට උත්තරයක් දෙන්න කවුරු හරි. පාර්ලිමේන්තුවේ ආසන 47 ක් තියාගෙන රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට දින සීයේ වැඩසටහන හදනවා ජනවාරි 08 ඡන්දේ. නව වෙනිදා දිවුරුම් දෙනවා. 10 වෙනිදා 11 මෙහෙම කියලා දින සීය හදනවා. හදලා පොත් ගහලා ඔක්කොම කරලා දුන්නා. මේක ඇතුළේ තිබෙනවා අෘණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය 19 වෙනි. ලෝක ඉතිහාසායේ මොන පාර්ලිමේන්තුවේද 47 කගේ උවමනාව ආණ්ඩුනක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න පුඬථවන්. 47 කින් 225 ක් ඉන්න තැන. 142 ක් විරුද්ධයි. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා මම දිවමුරුම් දෙනවා එක්කම දිවුරුම් දුන්නා. ඊළඟ සතියේ එහෙන් කිව්වා 47 ක් ඉන්න කෙනා අගමැති කෙරුවේ අපි විශ්වාසභංග යෝජනාවක් ගේනවා කියලා. දින සීයේ වැඩපිළිවෙළත් එක්ක පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් නැහැ ඒ වාර්තාවේ. මම දන්නේ නැහැ මේක හැදුවේ කව්ද කියලා. ඒක තමයි කර ගත්ත මෝඩම වැඬේ. හදපු අයට මම කියන්නේ. ඔළුවත් තිබුණා නම් මේක කරන්නේ නෑ.කරන්න තිබුණේ මම දිවුරුම් දුන්නාට පසු එදා රෑ පාර්ලිමේන්තුව විසුරුවන්නයි. එදා රෑ පාර්ලිමේන්තුව විසුරුවලා ඡන්දයකට යන්න තිබුණේ. දින සීය වැඩසටහනක් දාලා පාර්ලිමේන්තුව විසුරුවන්න එපා කියලා. මෙන්න එනවා අලුත් අය වැය යෝජනාවක්. රවී කරුණානායක ඇමතිතුමාගේ. ඔබතුමා පළවෙනි අය වැය කතාව දින සීය අතර සම්මත කරන්න පුළුවන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්න පුළුවන්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ දවස් දෙකක් විවාද කරලා ඡන්දය විමසන දවසේ හවස 5.00 ට ඡන්දේ විමසන්න තිබුණේ. හවස 05.00 ටත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තීන්දුවක් නැහැ. 142 ක් අනිත් පැත්තේ. මම දවසම පාර්ලිමේන්තුවේ. දවස් දෙකම. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කන තැනට ගියා. ඉන්න තැන්වලට ගියා. කොරිඩෝවට ගියා. රෙස්ටුරන්ට් එකට ගියා. ඒ අයගේ වෛද්‍ය මධ්‍යස්ථානයට ගියා. ඒ දවස් ටිකේ ගෙවල්වලට ගියා. මේ සම්මුතිය හදාපු යෝජනාවේ පැහැදිලිව තිබෙන්නේ සම්මුතිවාදී ආණ්ඩුවක්. ප්‍රධාන දේහපාලන පක්ෂ දෙක එකට එකතු වෙලා රට කරන ආණ්ඩුවක්. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකට එකතුවෙලා රට කරන ආණ්ඩුවක් හදන්න ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පකත්ෂය. එතකොට පක්ෂය නැතිව මන්ත්‍රීවරු එනවද? පක්ෂය වෙන තැනක. ආණ්ඩුවේ මන්ත්‍රීවරු ඉන්න ඕනෑ. එහෙම එනවද පක්ෂයකින්. 225 න් පාර්ලිමේන්තුවේ 215 ක් අපි ඡන්ද ගත්තා 19 වෙනි සංශෝධනයට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය 141ක් ගත්තා. එක් කෙනෙක් දුන්නේ නැහැ සරත් වීරසේකර. අනිත් 141 කම ගත්තා. අවුරුදු ගණන් සෞඛ්‍ය ඇමැති විදියට සටන් කළ මේ රටේ අවුරුදු 50 කට වැඩිය කයිවාරු ගහපු එක එක්කෙනා ඖෂධ පනත අපි පාර්ලිමේන්තුවේ සම්මත කෙරුවා ඒකමතිකව. අය වැය යෝජනා සම්මත කරන්න බැහැ රවීගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිත් පැත්තට හිටියා. දින සීය කියලා අපිට දින සීයෙන් ඉවර කරන්න බැරි වුණා. ජනවාරි 09 ජනාධිපති වුණු මම ඒ එක්කම අගමැති වුණු රනිල් වික්‍රමසිංහ මහත්මයා අපිට අගෝස්තු 15 වෙනකන් ඡන්දයකට යන්න බැරි වුණා. අපිට 08 වෙනි මාසයට යන්න සිද්ධ වුණා. 08 වෙන මාසයට ගිහිල්ලා පාර්ලිමේන්තුව විසුරුවපුවහම ඉක්මනට ඡන්දයකට යන්න කියලා එතකොට මට චෝදනාවක් ආවා මහ බැංකුව සම්බන්ධයෙන් මහ බැංකුව සම්බන්ධයෙන් සිද්ධියේ පාර්ලිමේන්තු කොමිටිය විසුරුවා හරින්න ඕන නිසා ඒක අකර්මණ්‍ය වෙන්න ඕන නිසා පාර්ලිමේන්තුව විසුරුවෙව්වයි කියල මට චෝදනාවක් කෙරුවා. මේ කාලය තුළ පනත් තුනෙන් දෙකෙන් කොච්චර සම්මත කෙරුවද? අය වැය සම්මත කෙරුවා. 19 වැනි සංශෝධනය සම්මත කෙරුවා. මම දැක්කා පෙරේදා ජාත්‍යන්තර වාර්තාවක් මානව හිමිකම් පිළිබඳව ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව අද ලෝකයේ ගුනාත්මකභාවයෙන් ඉහළම තියෙන තැනේ උඩම ඉන්නවයි කියලා ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව. ඒවා කරන්න පුළුවන් වුණේ 19 වෙනි සංශෝධනය හින්දා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මම ගත්තේ නැත්නම් ඒවා සම්මත කරන්න හම්බ වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම මම බලෙන් ඉල්ලගත්තෙත් නැහැ. මම ඉල්ලුවෙත් නැහැ. හුඟක් අය කියන්නේ මම ගත්තා කියලා. කොහෙද මම ගත්තේ. පක්ෂයේ මන්ත්‍රීවරු සේරම ඇවිත් මට ඇවිල්ලා භාර දුන්නා. මහින්ද රාජපක්ෂ මහත්මයා කැමතියි මේක දෙන්න මේක භාරගන්න. කිව්වහම මම කල්පනා කෙරුවා 47 න් කොහොමද පාර්ලිමේන්තු යන්නේ. 47න් කොහොමද 19 වැනි සංශෝධනය පාස් කරන්නේ. 47න් කොහොමද තුනෙන් දෙකේ පනත් සම්මත කරන්නේ. 47න් කොහොමද රවී මුදල් ඇමැති විදියට අය වැය යෝජනා සම්මත කරන්නේ. ඕවා එකක්වත් කරන්න බැහැ. එතකොට මම මෙතන කියන්නේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු කැබිනට් මණ්ඩලයේ ඉන්න නිසා රටට නොගැලපෙන දේවල්වලින් කීයක් මම බේරගත්තද කියලා මමයි දන්නේ. කැබිනට් මණ්ඩලයේ හිටපු රවීට මතක ඇති. තලතා ඇමතිතුමියට මතක ඇති. මේ රටේ රාජ්‍ය බැංකුවල තියන සියලුම මුදල් මම එකක් කියන්නම් මම කියන්නේ නැහැ. මට වෙලා නැහැ. රාජ්‍ය බැංකුවල තියෙන මුදල් පුද්ගලික බැංකුවලට නිදහස් කරන්න අමාත්‍ය මණ්ඩල සංදේශයක් ආවා. මම මේකට විරුද්ධ වෙද්දි මාස තුනක් ඇදුණා මේක කැබිනට් මණ්ඩලයේ. රවීට මතක ඇති. මම දුන්නෙම නැහැ සම්මත කරන්න. ඒක සම්මත වුණා නම් අද ලංකා බැංකුව නැහැ. ඒක සම්මත වුණා නම් අද මහජන බැංකුව නැහැ. ඒක සම්මත වුණා නම් එන්එස්බී නැහැ. ඒ සම්මත වුණා නම් රාජ්‍ය උකස් නැහැ අද. පුද්ගලික බැංකුවලට යනවා. මම එහෙම ලැයිස්තුවක් කියන්නම්. අපේ හාමුදුරුවනේ මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂට බැූඳුනේ 1967 අගෝස්තු මාසේ. මම ඕලෙවල් විභාගේ ලිව්වේ 67 දෙසැම්බර් මාසේ. මගේ වයස 16 යි. ඡන්ද බලයක් නැහැ. ඕලෙවල් ලියන්න කළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආවා. මම 67 අගෝස්තු මාසයේ ඉදලා මෙහෙම හිටියනම් මම 2014 නොවැම්බර් මාසයේ 21 වෙනිදා රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට එනකොට පොදු අපේක්ෂකයා විදියට තරග කරන්න මගේ වසර 47 ක දේශපාලන ජීවිතයේ මම ගොඩනගාගෙන ආවා. මේ අවුරදු තුන හමාරෙ වෙච්ච දේ දන්නවා.

හැබැයි මගේ ස්වාධිනත්වය මගේ දැනුම සහ අවංකභාවය තුළ මම ගොඩනගාගත් දේශපාලන ජීවිතය කවදාවත් මම වගේ පුවලකින් ජනාධිපතිවරයෙක් වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ මේ රටේ. මේ රටේ ජනාධිපතිවරයා 06 දෙනා ගත්තේ සාමාන්‍ය පවුලක කියලා කියන්න පුළුවන් ප්‍රේමදාස ජනාධිපතිවරයාට. නමුත් එතුමා නාගරික ප්‍රදේශයක හැදුන මගේ පවුලට වඩා හොද ආර්ථිකයක් තිබුණ කෙනෙක්.

මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේ පොදු අපේක්ෂකයා දාලා ආණ්ඩුවක් හදලා මේ මහ බැංකුව කඩන්න කියලා කිව්වේ නැහැ. මට මේ අවුරුදු තුන හමාර ගැන කතාකරන්න හුගක් දේවල් තියෙනවා. නමුත් කතා කරන්නේ නැහැ. ඒවා කතා කරන්න තව අවස්ථාවක් ආවොත් මම කතා කරනවා. මේ රට හොද රටක් කරන්න, පිරිසුදු පාලනයක් ඇති කරන්න යහපාලනය කියන වචනය පිරිසුදුව ඒ විදියටම ක්‍රියාත්මක කරන්න අවංක චේතනාවකින් ආපු කෙනෙක්.

සෞඛ්‍ය ඇමති කාලේ කෘෂිකර්ම ඇමති කාලේ මට හම්බ කරන්න තිබුණා සල්ලි හම්බකරනවනම් ඕන තරම්. ඊට කළින් ඇමතිකම් කීයක් කෙරුවද. නමුත් මම කනගාටුවෙනවා මම පිළිබඳ ලබාදෙන ඉතා වැරැදි අර්ථකතනවලට. රටේ ජනතාව බලාපොරොත්තු වෙන නඩු එකක්වත් කෙරෙන්නේ නැත්තේ මම හින්දලු. කතානයකතුමනි, රටේ ජනතාව ඒකනායක ඇමතිතුමා කුරුණැගල ඉන්නකොට වාහනයක් දුන්න කියන එකට පරික්ෂණයක් කරන්න මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වුනේ නැහැ. මේ රටේ ජනතාව ප්‍රියංකර ජයරත්න දුට පත්වීමක් දුන්නා කියලා එයාව උසාවි ගෙනියයි කියලා පරික්ෂණක් කරයි කියලා බලාපොරොත්තු වුණේ නැහැ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘රට නොබෙදා බලය බෙදීමේ වැඩපිළිවෙලට සියල්ලන්ගේ සහය’ අගමැති කියයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණයක්

Mohamed Dilsad

රට තුල අසමඟිය පතුරවන ලිපි 600ක් සමඟ තිදෙනා CIDය භාරයට

Mohamed Dilsad

Leave a Comment