ප්‍රමුඛ පුවත 1

ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති මන්දිරයේ දී

(UTV| කොළඹ) – ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් පවත්වන ලද විශේෂ ඉෆ්තාර් උත්සවයක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්  ඊයේ (07) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර රටේ සාමය, සමගිය මෙන්ම ජාතික සංහිදියාව වෙනුවෙන් ආශිර්වාද පළ කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
මෙම උත්සව සභාව ඇමතු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ ජාතීන් අතර සංහිදියාව සහ සහජීවනය ගොඩනැගීමට ගෙන යන වැඩපිළිවෙළේ සුවිශේෂිී අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව පෙන්වා දිය හැකි බවයි.
ස්ථීර සාර සාමය, සියලු ජන කොටස් අතර ඇතිවන අන්‍යොන්‍ය විශ්වාසය සමග ගොඩනැගෙන සංහිදියාව සහ සහජීවනය රටේ ජනතාවගේ මෙන්ම වත්මන් රජයේ ද අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් කළයුතු සියලු කැපකිරීම් රජයක් ලෙස සිදුකරන බව ද අවධාරණය කළේය.
ජාතික සංහිදියාව වෙනුවෙන් රජය ගෙන ඇති ක්‍රියාමාර්ග මෙහිදී ඉස්ලාමීය ආගමික නායකයින්ගේ ඇගයීමට ලක්විය.
අල්කුරානයේ සිංහල භාෂා කෘතියේ පළමු පිටපත ද මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
අමාත්‍යවරුන් වන ෆයිසර් මුස්තාෆා, රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන්, අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරුන් ද, විදේශීය තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියහ.
[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/IFTHAR-IN-PRESIDENT-HOUSE-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විදුලිබල අර්බුදය විසඳීමට අමාත්‍ය මණ්ඩල කමිටුව

Mohamed Dilsad

හේමසිරි ප්‍රනාන්දුට සහ පූජිත් ජයසුන්දරට එරෙහි පෙත්සම යළි සලකා බැලේ [video]

Mohamed Dilsad

ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමති මෙරට නිලධාරීන් හමුවීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment