ප්‍රමුඛ පුවත 1

ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය අදයි

(UTV| කොළඹ) – ළමා ශ‍්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය (12) අදයි.

මෙවර ජාත්‍යන්තර දිනයේ තේමාව “දරුවන්ගේ ආරක්ෂාව හා සෞඛ්‍ය යහපැවැත්ම” යන්නයි.

ළමයින් ශ්‍රමිකයන් ලෙස භාවිත කරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු 1929 ට දැනුම් දෙන්න යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ලොව සෑම රටකම අනාගතය තීරණය කිරීමෙහිලා ප්‍රමුඛතම කාරණයක් ලෙස එරට ළමා පරපුර හැඳින්විය හැක.

මේ නිසා නිසි වයස තුළදි අවශ්‍ය ආරක්ෂාව මෙන්ම ඔවුනගේ සෞඛ්‍ය නගා සිටුවීම ප්‍රමුඛතම කාර්යයක් බවට පත්වේ.

එමෙන්ම අනිවාර්ය අධ්‍යාපනය ලබා දීමේ ක්‍රියාවලිය මඟින් දරුවන්ට  සමාජය තුළ වඩාත් යහපත් අයුරින් කටයුතු කිරීමේ අවකාශය උදා වන අතර, එම කාලය තුළදි දරුවන් ශ්‍රමිකයින් ලෙස භාවිතය මඟින් ඔවුනගේ කායික මෙන්ම මානසික යහපැවැත්මටද සිදු වන හානිය සුළුපටු නොවේ.

දරුවන් ශ්‍රමිකයින් ලෙස භාවිතා කිරීමට ආසන්නතම හේතු ලෙස ආර්ථිකය, අධ්‍යපානය, සංස්කෘතික වටපිටාව, ජනතාවගේ වගකීම හා වගවීම පිළිබඳව නිසි අවබෝධයක් නොමැති වීම යනාදි කරුණූ රැසක් බලපානු ලබයි.  මෙම කරුණු පිළිබඳව දැඩි ලෙස අවධානය ලබා දෙන ලොව සදාචාරාත්මක හා ශිෂ්ටසම්පන්නතම සමාජයන් තුළ දරුවන් ශ්‍රමිකයින් ලෙස භාවිතා කිරීම සිදු වන්නේ ඉතාමත්ම කළාතුරකිනි.

ශ්‍රි ලංකාව තුළද වර්තමානය වන විට ළමා ශ්‍රමිකත්වයේ සැලකිය යුතු අඩු වීමක් දක්නට ලැබීම ඉතා සතුටට කරුණකි.

දරුවන් පිළිබඳව වගවීම සමස්ත සමාජයේම යුතුමක් වන අතර, දැයේ දරුවන් ළමා ශ්‍රමිකත්වය ඇතුළු සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කරගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කර දීම සඳහා සියලු පාර්ශවයන් එකට එක්ව කටයුතු කළ යුතුය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරුන් යළිත් ඇමතිධූරවල දිවුරුම් දෙන දිනය මෙන්න

Mohamed Dilsad

නිශ්ශංක සහ දිල්රුක්ෂිගේ දුරකථන සංවාදය ගැන විශේෂ පරික්ෂණයක්

Mohamed Dilsad

ඉන්ධන මිල සංශෝධනය අදයි

Mohamed Dilsad

Leave a Comment