කලා

අමීර් ඛාන් බොලිවුඩ් සිනමාවේ බලවත්ම පුද්ගලයන් අතර දෙවැනි තැනට

(උදයම්,ඉන්දියාව) – සුපිරි බොලිවුඩ් සිනමා නළු අමීර් ඛාන්ට බොලිවුඩ් සිනමාවේ බලවත්ම පුද්ගලයන් අතර දෙවැනි තැනට පත්වීමට මේ වනවිට හැකිව තිබේ.
මේ වනවිට ඉන්දීය රුපියල් කෝටි 450කට වඩා වැඩි මුදලක් උපයාගෙන ඇති ඔහුගේ “දංගල්” චිත්‍රපටය නිසාවෙන් මෙසේ මෙම ලැයිස්තුවේ දෙවැනි තැනට පත්වීමට ඔහුට අවස්ථාව හිමිව ඇති බවට ඉන්දීය වාර්තා සඳහන් කරයි.

මෙහි පළමු තැන සල්මාන් ඛාන්ට හිමිව තිබෙන අතර, තුන්වැනි තැන ෂාරුක් ඛාන්ට හිමිව තිබේ.
මෙහි මුල් ස්ථාන තුනට පත්ව ඇති ඛාන් නළුවන්ට මෙම “පවර් රෑන්ක්” ලැයිස්තුව තුළ ප්‍රසාද ලකුණු 1000කට වඩා හිමිව තිබීමද විශේෂත්වයකි.
මොවුන්ට පසුව ආක්ෂේ කුමාර්, රිතික් රෝෂන්, අජේ දේවගන් රැඳී සිටිති.

Related posts

ගුවන් විදුලියේ සභාපති ඇතුළු අධ්‍යක්ෂක මණ්ඩලයට ඉල්ලා අස්වෙන්නැයි දැනුම් දෙයි

Mohamed Dilsad

“නිහඬ ලිපිය”ට ජාත්‍යන්තර සම්මානයක්

Mohamed Dilsad

විශ්ව රූරැජිණ තරගයට පීලිපීනයෙන් තේරුණ සිඟමනේ ගිය තරුණිය

Mohamed Dilsad

Leave a Comment