ප්‍රමුඛ පුවත 1

අනතුරකින් මව සහ දරුවා මියයයි

(UTV|කුරුණෑගල) – කුරුණෑගල – මහනුවර මාර්ගයේ නුගවෙල ප්‍රදේශයේදී සිදු වූ යතුරුපැදි අනතුරකින් මවක් සහ දරුවා මියගොස් තිබේ.

මියගිය මව විසින් යතුරුපැදිය පදවාගෙන යන අතරතුර එය තවත් යතුරු පැදියක ගැටී ඇත.

එම යතුරුපැදියේ සිටි කුඩා දරුවා සහ මව මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවට විසිවී තිබේ.

එම දිශාවෙන් පැමිණි බස් රථයකට යටවීමෙන් මෙම මව සහ දරුවා මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 22 ක මව සහ වයස අවුරුදු 2යි මාස 6ක පිරිමි දරුවෙකු බව පොලිසිය ප්‍රකාශ කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චීන ජාතිකයින්ට වීසා දීම නතර කෙරේ – සෞඛ්‍ය ඇමැතිනි

Mohamed Dilsad

චමල් රාජපක්‍ෂත් මෙවර ජනාධිපතිවරණයට

Mohamed Dilsad

දකුණු ආසියාවේ ඉහළම ප්‍රගතිය ලංකාවෙන්

Mohamed Dilsad

Leave a Comment