ප්‍රමුඛ පුවත 1

මෙරටට එවූ කටුස්සන් වැනි සත්ව විශේෂයක් ගැන පරීක්‍ෂණ

(UTV| කොළඹ) – කටුස්සන් වැනි සත්ව විශේෂයක් ඕස්ට්‍රේලියාවේ සිට ශ්‍රී ලංකාවට එවා තිබියදී සොයා ගැනේ.

භාණ්ඩ ප්‍රවාහන සේවාව ඔස්සේ නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට එවා තිබියදී කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානයේ දී රේගු නිලධාරීන් විසින් සොයා ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.

මෙම සතුන් ඕස්ට්‍රේලියාවේ සිට සිංගප්පූරුව වෙත ගෙනැවිත් පසුව සිංගප්පූරු ගුවන් සේවයේ SQ- 468 දරන ගුවන් යානයෙන් පසුගිය 13දා දින රාත්‍රීයේ පමණ කටුනායක ගුවන් තොටුපොළ ගුවන් බඩු ගම්මානයේ , එම භාණ්ඩ ප්‍රවාහනය කරන ජාත්‍යන්තර සමාගමක කාර්යාලය වෙත එවා ඇත.

භාවිතා කළ පරිගණකයක් සේ හදුන්වමින් කළුතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකුගේ ලිපිනයට එවා තිබූ මෙම ගුවන් භාණ්ඩ පාර්සලය භාර ගැනීමට අදාළ පුද්ගලයාට දැන්වූවද , ඔහු නොපැමිණීම නිසා , මෙම පුද්ගලයා සහ ලිපිනය පිළිබඳව සොයා බැලූ රේගු නිලධාරීන් ඒවා ව්‍යාජ ඒවා බව දැන ගැනීමෙන් පසුව , මෙම පාර්සලය , එම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ආයතනයේ නිලධාරීන් ඉදිරිපිට දී විවෘත කර පරීක්ෂා කර බලත්දී මෙම සතුන් 32 ක් , එම පරිගණකය තුළ වූ කුඩා රෙදි මලු 05 ක දමා සිටියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

මෙම සත්ව විශේෂය බටහිර රටවල සුරතලයට ඇති කරන බව ප්‍රකාශ වුවද , මෙම සතුන්ගේ ශ්‍රී ලංකාවට ආක්‍රමණශීලී ද ,ඔවුන් අනවශ්‍ය ප්‍රමාණයෙන් බෝවීම සිදු වන්නන් ද , මොවුන් පරපෝෂිතයන් විශේෂයක් ද , අප රටේ කෘෂි බෝග වගාවන්ට හානිකර සත්ව විශේෂයක් ද , රෝග කාරක පතුරුවන විෂ සහිත සත්ව විශේෂයක් ද යන්න රේගු නිලධාරීන් තවමත් අනාවරණය කර ගෙන නොමැත.

මෙවැනි සතුන් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ දී , එරට සත්ව නීරෝධායන ආයතන වල වලින් සහතික කිරීම් අත්‍යාවශ්‍ය වන අතර, මෙරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුබද්ධිත සත්ව නීරෝධායන ආයතන වල නිර්දේශ ද මොවුන් රට තුළට නිදහස් කිරීමේ දී අවශ්‍ය වේ. මෙම සිදු වීම ශ්‍රී ලංකාවේ වන ජීවී සහ වෘක්ෂලතා ආඥා පනත උල්ලංඝනය වීමක් බව රේගු නිලධාරීන් සදහන් කරයි.

දෙහිවල සත්ව උද්‍යානයයේ නිලධාරීන් මෙන්ම , කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සත්ව නීරෝධායන අංශයේ නිලධාරීන් සමග සහ ශ්‍රී ලංකා රේගුවේ වන සත්ව ආරක්ෂක නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වා අද (15) දින මෙම සතුන් යළිත් ඕස්ට්‍රේලියාව බලා ආපසු යැවීමට කටයුතු කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

වාණිජ අමාත්‍යවරයා චීන දුත පිරිසක් සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

නිදහස් පක්ෂයේ සභාපති ධූරය හිටපු ජනාධිපතිට – [VIDEO]

Mohamed Dilsad

Leave a Comment