ක්‍රීඩා

දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන්

(UTV| කොළඹ) – සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ඊයේ (18) ජය පරාජයෙන් තොරව අවසන් විය.අඳුරු ආලෝක තත්ත්වයද හේතුවෙන් තරගය නතර කිරීමට සිදු වුණි.

ලකුණු 296ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් දිනය නිමාවන කඩුළු 05ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 147කි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 253ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස කොදෙව් කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 300ක් රැස්කළේය.

ශී‍්‍ර ලංකා කණ්ඩායම දෙවන ඉනිමට රැස්කළ ලකුණු සංඛ්‍යාව 342කි.

වේග පන්දු යවන ක්‍රීඩක ෂැනන් ගේබි‍්‍රයල් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගත්තේය.ඒ පළමු ඉනිමේදී ලකුණු 62කට කඩුළු 08ක් බිඳ හෙලීම නිසාය.

තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ 1 ට 0ක් ලෙස පෙරමුණේ සිටින්නේ කොදෙව් කණ්ඩායමයි.

දෙරට අතර තුන්වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන 23 වැනිදා ආරම්භ වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඕස්ට්‍රේලියා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ග්ලේන් මැක්ග්‍රාත් ට කොවිඩ්

Mohamed Dilsad

ආසියානු කුසලානයට එන බංග්ලාදේශ කණ්ඩායම

Mohamed Dilsad

6 වන වරටත් බැලොන් ඩිඕර් පාපන්දු සම්මානය මෙසී හිමිකරගනී

Mohamed Dilsad

Leave a Comment