ප්‍රමුඛ පුවත 1

ශ‍්‍රී ලංකාවට අඛණ්ඩ සහය ලබාදෙන බවට ඇමෙරිකාවෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – ඇමෙරිකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වුවද ශ‍්‍රී ලංකාවට එම යෝජනා ඉටු කිරීමට අඛණ්ඩව සහය ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපති අතුල් කේෂප් රජයට දැනුම් දෙයි.

මෙරට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවෙමින් ඔහු මේ බව පවසා තිබේ.

රටේ සංහිඳියා ක‍්‍රියාවලියේදී මෙන්ම දීර්ඝකාලීන සාමයක් උදා කරදීමේ ක‍්‍රියාවලියේදී අමෙරිකාව ශ‍්‍රී ලංකාවට පූර්ණ සහයෝගය ලබාදෙන බවයි.

අමෙරිකාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වන බව නිවේදනය කිරීමෙන් අනතුරුව තානාපතිවරයා මෙලෙස ශ‍්‍රී ලංකා නිලධාරීන් හමු වී ඇත.

ශ‍්‍රී ලංකාව, අමෙරිකාවේ සමඅනුග‍්‍රහය ඇතිව 2015 සහ 2017 යන වසරවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට යෝජනා දෙකක් ඉදිරිපත් කළේය.

එම යෝජනාවල ඇති කරුණු සපුරා ගැනීමේදී අමෙරිකාව ශ‍්‍රී ලංකාවට පූර්ණ සහය ලබාදෙන බවයි ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඇඳිරි නීතිය පිලිබඳ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

ආරක්ෂක කවුන්සිලයේ පළමු රැස්වීම අද

Mohamed Dilsad

විවෘත වෙළෙඳපළ ආර්ථිකය තුළ සමූපකාරය අභියෝග ජය ගන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment