ප්‍රමුඛ පුවත 1

දේශීය කර්මාන්තවලට බලපෑමක් ඇතිවන බදු පනවා නෑ – කර්මාන්ත ඇමති රිෂාඩ් කියයි

(UTV| කොළඹ) – දේශීය කර්මාන්තකරුවන්ට බලපෑමක් ඇති වන ආකාරයට රජය නව බදු ක්‍රියාත්මක කර නැතැයි කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රීෂාඩ් බද්යුදීන් මහතා පවසයි.

කර්මාන්ත කරුවන් බදු ප්‍රතිපත්තිය නිස බලවත් අපහසුතාවයකට පත් වී සිටින්නේ යැයි ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්නයක් මතු කරමින් මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද (22) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

අතිගරු ජනාධිපතිතුමාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත නැවත කර්මාන්ත කොමිෂමක් නැවත පණ ගන්වා තිබෙන බවත් දේශීය කර්මාන්තකරුවන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව සොයා බලන බවද අමාත්‍යවරයා පැවසීය.

දේශීය කර්මාන්තකරුවන්ගේ ගැටළුවලට ඉහළ මණ්ඩපයක් ඇති කර සාකච්ඡා කිරීමට පියවර ගෙන ඇති බවත් කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ප්‍රතිපත්තියක් සකස් කර එය ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

මෙහිදී අඳහස් දැක්වූ සභානායක,අමාත්‍ය සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, පසුගිය වසර 20ට වඩා මේ වනවිට අපනයනය වර්ධනය වී තිබෙන බවත්, ව්‍යවසාය සංවර්ධනය යටතේ කර්මාන්තකරුවන්ට ණය සහන ලබාදීමට කටයුතු කර තිබෙන බවත් එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ කර්මාන්ත ගමට ගෙන යන බවත් අමාත්‍යවරයා පැවසී ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

facebook සැබෑවටම පාලනය කල යුතුයි – ඇමති අමරවීර කියයි

Mohamed Dilsad

ඔයට පෙරළුණු BMWහි හිමිකරු රිමාන්ඩ්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින කමිටුව අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment