ක්‍රීඩා

චන්දිමාල්ගේ අභියාචනය ප්‍රතික්ෂේප කරයි

(UTV|බටහිර ඉන්දීය කොදෙව් දුපත්) – ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් තමන්ට එරෙහිව පනවා ඇති තරග තහනම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අභියාචනය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතිය භාර කොමිසමේ ප්‍රධානී මයිකල් බෙලොෆ් මහතාගේ ඉදිරියේදී පැවති කරුණු විමසීමකින් අනතුරුව ය.

ඒ අනුව ශ්‍රී ලංකා , බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතියේ 2.2.9. වගන්තිය කඩ කරමින් පන්දුවේ ස්වභාවය වෙනස් කළ බවට මීට පෙර පනවා තිබූ තරග තහනම හා ඔහුට නියමිත දඬුවම ඒ අයුරින්ම ක්‍රියාත්මක වනු ඇත.

ඒ අනුව අද ආරම්භ වන 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගය ඔහුට අහිමිවේ.

අද ආරම්භ වන දිවා රාත්‍රී ටෙස්ට් තරගයේ නායකත්වය සුරංග ලක්මාල්ට විසින් දරණු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමේ ඉන්දීය සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

ඊයේ පරාජයට හේතු කියන දික්වැල්ල

Mohamed Dilsad

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අන්ටිජන් පරීක්‍ෂණයට

Mohamed Dilsad

Leave a Comment