ක්‍රීඩා

එංගලන්ත නායකත්වයට ජෝ රූට් පත් කෙරේ

එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ජෝ රූට් නම් කරයි.

ඇලෙස්ටෙයාර් කුක් පසුගිය සතියේ දී නායකත්වයෙන් ඉල්ලා අස්විය.

ඉන්පසු පුරප්පාඩු වු කණ්ඩායම් නායකත්වය සඳහා ජෝ රූට් නම් කර ඇති බව වාර්තා වේ.

ජෝ රූට් 2015 වසරේ සිට කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කර ඇති අතර ලබන ජුලි මාසයේ දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ සිට ඔහු නායකත්වය ලබාදෙයි.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමේ උප නායකයා ලෙස බෙන් ස්ටෝක්ස් නම් කර තිබේ.

මේ අතර එංගලන්ත කණ්ඩායම එක්දින තරගාවලියක් සඳහා ලබන සතියේ දී බටහිර ඉන්දිය කොදෙව් දූපත් බලා පිටත්ව යාමට නියමිත බව ක්‍රීඩා වාර්තා සඳහන් කරයි.

Related posts

ශීී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම පළඟ ශූරතාව දිනා ගනී

Mohamed Dilsad

දසුන්ගේ විදෙස් ගමන් බලපත්‍රය අස්තානගතවීමෙන් කොදෙව් සංචාරයට නොයයි

Mohamed Dilsad

ක්‍රිකට් උණුසුමෙන් නව වසර අරඹන්න ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට

Mohamed Dilsad

Leave a Comment