(UTV|වවුනියාව) – විල්පත්තු සම්බන්ධ ජනතාව තුළ පවතින සැකයන් ඉවත් කිරීමට අවශ්‍ය කරුණු පැහැදිලි කිරීම සඳහා වැඩපිළිවෙලක අවශ්‍යතාවය උතුරු පළාතේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා පෙන්වා දෙයි.
ඊයේ (26) කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා සහ වවුනියාවේ ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ භික්ෂූන් වහන්සේලා අතර පැවති රැස්වීමක දී අදහස් දක්වමින් උන්වහන්සේලා මේ බව පැවසීය.
මෙම සාකච්ඡාව මධ්‍යයේ ඇමති බදියුදීන් ප්‍රකාශ කළේ “විල්පත්තුව හා මන්නාරම දිස්ත්‍රික්කයට සම්බන්ධයක් නැහැ. යුද්ධය පැවති සමයේ එනම් 1990 දී අවතැන්වූ මුස්ලිම් ජනතාවට වසර 25 කට පමණ පසු ඔවුන් තම පදිංචිවී සිටි වාසස්ථාන සොයා මුසාලි වෙත පැමිණියා. එහිදී දකුණේ ඇතැම් බෞද්ධ සංවිධාන විසින් මම විල්පත්තුව විනාශ කර දමනවා, මුස්ලිම් කොලනියක් ඇති කරන්න යන බවට වැරදි ප්‍රචාරයක් ගෙන ගියා. මෙම ප්‍රදේශයේ ඉතිහාසය නොදන්නා ඇතැම් භික්ෂුන්වහන්සේලා පවා ඔවුන් ලබා ගත් වැරැදි තොරතුරු මත දකුණේ සිංහල ජනතාව උසිගන්වා උද්ඝෝෂණ පැවැත්වුවා.මම දිගින් දිගටම සත්‍ය පෙන්වා දුන්නත් මා වැරදි බවට පත් කිරීමට ඇතැම් සංවිධාන උත්සාහ කරනවා”.
“ඉන්පස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කමිටුවක් පත් කළා අතිරේක ලේකම් බොරලැස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළා.ඒ කමිටුව මේ ප්‍රදේශ වලට ඇවිත් ජනතාවගෙන් ප්‍රශ්න කරලා ලබා ගත තොරතුරු අරගෙන වාර්තාවක් සකස් කළා .නමුත් ඒ වාර්තාව තාම එලියට දාල නෑ.මේ නිසා මුස්ලිම් ජනතාව පදිංචි කිරීමට මාව සම්බන්ධ කරලා බෞද්ධ ජනතාව අතර වැරදි මතයක් දිගින් දිගටම අරගෙන යනවා.එදා මේ ප්‍රදේශ වලින් මුස්ලිම් ජනතාව පලවා හැරිය LTTE නායකයා ගේ බලාපොරොත්තු ඉටු කරනවා වගේ වැඩක් තමයි අපි කරන්නේ,ඒ ජනතාවට උන් හිටි තැන් නැති කිරීම තුළින්.ජනතාව තුළ පවතින වැරදි මතය ඉක්මනින් පලවා හැරීමට වැඩපිළිවෙලක් අවශ්‍ය බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
මෙහිදී මහා සංඝරත්නය පැවසුවේ දකුණේ සිංහල සංවිධාන කිසි විටෙක උතුරට පැමිණ එම ප්‍රදේශ වල අඩු පාඩු සොයා නොබලන කාලයක මුස්ලිම් අමාත්‍යවරයෙකු ලෙස උතුරේ පන්සල් වල අඩුපාඩු සොයා බලා ඒවා ගොඩ නොවීමට ලබා දෙන්නාවූ සහයෝගය අගය කරන බවයි.මේ නිසා අමාත්‍යවරයා පිළිබඳ යම් කිසි වැරදි අවබෝධයක් ජනතාව තුළ පවතී නම් එය දුරු කිරීමටත් අම සංඝරත්නය ලෙස පසුබට නොවන බව උතුරේ මහා සංඝරත්නය මෙහිදී පැවසීය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]