ප්‍රමුඛ පුවත 1

විල්පත්තුව ගැන පවතින වැරදි මත දුරු කිරීමට උතුරේ මහා සංඝරත්නය සුදානම්

(UTV|වවුනියාව) – විල්පත්තුව එළි කරමින් එහි මුස්ලිම් ජනතාව පදිංචි කරවීමට කටයුතු කරන බවට වන චෝදනාව නිවැරදි කල යුතු බව උතුරේ මහා සංඝරත්නය පවසයි.

යුද්දය හේතුවෙන් වව්නියාව හා වැලිඔය විනාශ වූ පන්සල් 20 ක වෙහෙර විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් ලබා දීම කෙරෙහි කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අවධානය යොමු කර තිබේ.

ඒ අනුව ඊයේ (26) වව්නියාව හා වැලිඔය විහාරස්ථානයන්හි විහාරාධාපති වරුන්ට අවශ්‍යව තිබූ ජල පිරිපහදු යන්ත්‍ර හා සෙසු පිරිකර වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේදී ලබා දීමේ අවස්ථාවකට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහභාගී විය.

එහිදී වව්නියාව හා වැලිඔය ප්‍රදේශයන්හි විහාරාධිපති වරුන් විසින් සිය විහාරස්ථානයනහි අඩුපාඩු පෙන්වා දුන් අවස්ථාවේදී අමාත්‍ය වරයා විසින් ඉදිරි මාස 6ක කාලයක් තුල අදාල මුදල් විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් ලබා දීමට පියවර ගන්නා බවට අමාත්‍ය වරයා කියා සිටියේය.

එහිදී අමාත්‍ය රිසාඩ් බදියුදීන් මහතා විසින් කියා සිටියේ,”පෞද්ගලික වාස වෙනුවෙන් ඇතම් දේශපලඥයින් හා වෙනත් පාර්ශවයන් විවධ චෝදනා එල්ල කලද අවුරුදු 30 ක යුද්දයෙන් මැදි වූ මෙම ප්‍රදේශයන්හි සිටින ජනතාව ආගමික නායකයින්ගේ ගැටලු වෙනුවෙන් ඔනෑම අවස්ථාවක මැදිහත් වීමට තමන් කටයුතු කරන බවටත් එහිදි කුමන චෝදනාවක් එල්ල වුවද සාමයේ අගය සංහිදියාවේ අගය තමන්ට වටිනා හෙයින් ඉදිරියේදීද සියලු ජාතීන් වෙනුවෙන් ගැටලු විසඳීමට මැදහත් වන බවට අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේය.

“වීල්පත්තුව හා මන්නාරම දිස්ත්‍රික්කයට සම්බන්ධයක් නැහැ. යුද්ධය පැවති සමයේ එනම්1990 දී අවතැන්වූ මුස්ලිම් ජනතාවට වසර 25 කට පමණ පසු ඔවුන් තම පදිංචිවී සිටි වාසස්ථාන සොයා මුසාලි වෙත පැමිණියා. එහිදී දකුණේ ඇතැම් බෞද්ධ සංවිධාන විසින් මම විල්පත්තුව විනාශ කර දමන බවට වැරදි ප්‍රචාර ගෙන ගියා. මෙම ප්‍රදේශයේ ඉතිහාසය නොදන්නා මෙම සංවිධාන, ඔවුන් ලබා ගත් වැරැදි තොරතුරු මත දකුණේ සිංහල ජනතාව උසිගන්වා උද්ඝෝෂණ පැවැත්වුවා.මම දිගින් දිගටම සත්‍ය පෙන්වා දුන්නත්  මා වැරදි බවට පත් කිරීමට ඇතැම් සංවිධාන උත්සාහ කරනවා”.

ඉන්පස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කමිටුවක් පත් කළා අතිරේක ලේකම් බොරලැස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව සොයා බැලීමට කමිටුවක් පත් කළා.ඒ කමිටුව මේ ප්‍රදේශ වලට ඇවිත් ජනතාවගෙන් ප්‍රශ්න කරලා ලබා ගත් තොරතුරු අරගෙන වාර්තාවක් සකස් කළා .නමුත් ඒ වාර්තාව තාම එලියට දාල නෑ.මේ නිසා දිගින් දිගටම ඔවුන් මට චෝදනා කරනවා.

මෙහිදී අදහස්ඔ දැක්වූ මහා සංඝරත්නය පැවසුවේ ඔබ මුස්ලිම් අමාත්‍යවරයෙකු වුනත් උතුරේ විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට ඔබට උපකාර කළ එකම ඇමතිවරයයි.මේ නිසා ඔබ වෙනුවෙන් අප මෙම දුර්මත නැති කිරීමට කටයුතු කරන බව මහා සංඝරත්නය පවසා ඇත.

Related posts

රත්නපුරට කෑගල්ලට විදුලිය නෑ

Mohamed Dilsad

උඩවලව ජාතික වනෝද්‍යානයට යන්න නව ප්‍රවේශ මාර්ගයක්

Mohamed Dilsad

ගීතාට දුන් තීන්දුවෙන් මන්ත්‍රී ධුර 11 කට අවධානමක්

Mohamed Dilsad

Leave a Comment