(UTV| කොළඹ) – පර්පචුවෙල් ටේරෂරිස් සමාගම ජනාධිපති විමර්ෂණ කොමිසම නොමඟ යවා ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දෙයි.
ඒ විකෘති කළ දුරකතන සංවාද හඬපට ජනාධිපති විමර්ෂණ කොමිසමට ලබාදීමෙනි.
අද (29) නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට මේ බව දන්වා සිටියේය.
එවැනි දුරකථන සංවාද ඇතුළත් සංයුක්ත තැටි 08ක් රජයේ රස පරික්ෂක වෙත යොමුකර වාර්තාවක් ලබා ගන්නා ලෙසයි කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]