ප්‍රමුඛ පුවත 1

විජයකලාට එරෙහිව සිංහල රාවය නඩු මඟට

(UTV|යාපනය)  – ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශයට එරෙහිව සිංහල රාවය සංවිධානය අද(03) පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම්වෙයි.

ඒ LTTE සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බව ඊයේ(02) සිදු කළ ප්‍රකාශයට එරෙහිවය.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිළ මෙහෙවර වැඩසටහනේ තවත් එක් අදියරක් ඊයේ පැවැත්වුණේ යාපනය, වීරසිංහම් ශාලාවේදිය.

එම අවස්ථාවට ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ඇතුළු මැති ඇමතිවරුන් මෙන්ම උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් ද එක්ව සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජාතික කම්කරු නීති සම්මේලනයේ සමාරම්භක උත්සවය විෂය භාර ඇමති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ඖෂධ අලෙවිහල් නියාමනය කිරීම කාලීන අවශ්‍යතාවයක් – සුව ඇමති

Mohamed Dilsad

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳ දැනුම් දීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment