ප්‍රමුඛ පුවත 1

විජයකලාගේ ප්‍රකාශය නිසා පාර්ලිමේන්තුව උණුසුම්

(UTV| කොළඹ) –  පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබීමට කථානායක කරූ ජයසූරිය පියවර ගනී.

ඒ  LTTE ය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් ඊයේ සිදුකළ ප්‍රකාශය පිළිබඳව ඇතිවූ උණුසුම් කථාබහක් හේතුවෙනි.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් විසින් ඒ පිළිබඳව සභාවේ අවධානය යොමු කළේය.

එහිදී එක් අවස්ථාවක කථානායකවරයා ප්‍රකාශ කළේ රාජ්‍ය ඇමතිනිය සම්බන්ධයෙන් ඇය නියෝජනය කරන පක්ෂය තීන්දුවක් ගත යුතු බවයි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන නිළ මෙහෙවර වැඩසටහනේ තවත් එක් අදියරක් ඊයේ පැවැත්වුණි.

ඒ යාපනය – වීරසිංහම් ශාලාවේදිය.

එම අවස්ථාවට එක්වෙමින් රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් සඳහන් කළේ LTTE සංවිධානය යළි ගොඩනැගීම සිය අරමුණ බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආසියාවේ තිරසාර සංවර්ධනය,ජනගහන ගැටළු හා විසදුම් පිලිබඳ අවධානය

Mohamed Dilsad

පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

ජනපති යලි දිවයිනට

Mohamed Dilsad

Leave a Comment