ක්‍රීඩා

6 වන වරටත් බ්‍රසීලය පාපන්දු ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට

(UTV|රුසියාව)  – අඛන්ඩව 6 වන වරටත් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ප්‍රබල බ්‍රසීලය කණ්ඩායම ඊයේ සමත් වුණි.

බෙල්ජියම් කණ්ඩායම ද මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

ඒ තියුණු තරගයකින් පසුව ජපානය පරාජය කරමිනි.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්යම් 16 දෙනාගේ වටයේ බ්‍රසීලය හා මෙක්සිකෝව අතර තරගය රුසියාවේ සාමාරා ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.

පසුගියවර ශූරයින් මෙන්ම අනුශූරයන් ද මෙවර තරගාවලියෙන් ඉවත් වූ අතර එම කණ්ඩායම්වලට අභියෝග කරමින් නේමාර් ප්‍රමුඛ බ්‍රසීලය පහසුවෙන්ම මෙම තරගය ජය ගැනීමට අවස්ථාවක් හිමිවීම විශේෂත්වයකි.

තරගයේ පළමු අර්ධය උණුසුම් මුහුණුවරක් ගත් අතර කිසිවෙකු නොසිතු ලෙස මෙක්සිකෝව ප්‍රබල බ්‍රසීලයට තියුණු තරගයක් ලබා දුන්නේ ඔවුන්ගේ උත්සාහයන් 11ක්ම ආසාර්ථක කරමිනි.

එම අර්ධයේදී කණ්ඩායම් දෙකටම ගෝල රැස් කිරීමට අවස්ථාවක් හිමිනොවීය.

නමුත් දෙවන අර්ධයේදී ආක්‍රමණශීලී ක්‍රීඩා විලාසයක් අනුගමනය කළ බ්‍රසීල කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක නේමාර් මිලියන 200 ක බ්‍රසීල පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු සාක්ෂාත් කරමින් තරගයේ 51 වන මිනිත්තුවේදී සිය කණ්ඩායමට පළමු ගෝලය එක් කළේ ය.

බ්‍රසීල ක්‍රීඩක විලියන් විශිෂ්ට ධාවනයකින් අනතුරුව පන්දුව නේමාර් වෙත යොමු කළ අතර දඬුවම් පහර චතුරශ්‍රයේ ලිස්සා ගිය ඔහු දක්ෂ ලෙස පන්දුව ගෝල රාමුව තුළින් දැල තුළට යොමු කිරීමට සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලහිරු කුමාර ට ලසිත් මාලිංග ගෙන් උපදෙස්

Mohamed Dilsad

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග සමඟ පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාව [VIDEO]

Mohamed Dilsad

ලසිත් ඇඹුල්දෙණියට වසර 17 ක් පැරණි වාර්තාවක් මගහැරෙයි

Mohamed Dilsad

Leave a Comment