ප්‍රමුඛ පුවත 1

උපතින්ම අතක් අහිමි එන්. පී. විනීතා දමයන්ති සිසුවියට ජනපති අතින් කෘතිම අතක්

(UTV| කොළඹ) – සිරිපුර මධ්‍ය මහා විද්‍යාලයේ 10 වසරේ ඉගෙනුම ලබන උපතින්ම අතක් අහිමි එන්. පී. විනීතා දමයන්ති සිසුවිය තමන් වෙත කෘතිම අතක් ලබාගැනීමට සහය වන ලෙස ජනාධිපතිතුමාගෙන් කරන ලද ඉල්ලීම ඉටු කරමින් එම දියණිය වෙත කෘතිම අතක් ලබාදීම අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

2017 වසරේ දෙසැම්බර් 31 වනදා සිරිපුර ප‍්‍රදේශයේ පැවති වැඩසටහනකදී ජනාධිපතිතුමා හමු වූ මෙම දැරිය ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ තමන් වෙත කෘතිම අතක් ලබාගැනීමට අවශ්‍ය සහය ලබාදෙන ලෙසයි.

එම අවස්ථාවේම නිලධාරින් වෙත ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ එම දැරියට ගැළපෙන සුදුසු අතක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බලන ලෙසයි.

ඒ අනුව යුද හමුදාපති ලූතිනන් ජනරාල් මහේ්ෂ් සේනානායක මහතා වෙත කළ දැනුම් දීම පරිදි ශී‍්‍ර ලංකා යුද හමුදාවේ පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ස්ථාපිත ඝෘජු කාරක හා අංගාදේශක කාර්මිකාගාරයේ මෙම කෘතිම අත නිෂ්පාදන කෙරුණු අතර ඒ සඳහා උපදේශන සහය සහ අමුද්‍රව්‍ය ජර්මන් සමාගමක් මගින් සපයා ගන්නා ලදී.

මෙම කෘතිම අත නිෂ්පාදනය සඳහා රුපියල් ලක්ෂ 02 ක පමණ මුදලක් වැය වී තිබෙන අතර ඒ සඳහා ජනාධිපති අරමුදල මගින් මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කරනු ලැබීය.

උපතින්ම උරහිස් ඇටය නොපිහිටීම නිසා අතක් අහිමිව දිගු කලක් පීඩා විඳී මෙම දැරිය අධ්‍යාපනයට සුවිශේෂි දස්කම් දක්වන අතර ඇයගේ ඉදිරි අනාගතය ආලෝකමත් කිරීම වෙනුවෙන් විශේෂ අවධානය යොමු කර ලබාදුන් සහයට ඇයගේ දෙමාපියන් ජනාධිපතිතුමා වෙත සිය කෘතවේදිත්වය පළ කරයි.

දැරියගේ දෙමාපියන් සහ ශ‍්‍රී ලංකා යුද හමුදා පුනරුත්ථාපන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් එස්.කේ. තිරුනාවුකරපු මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අල්ලස් ගත් පොලිස් නිලධාරියෙකුට අට වසරක සිර දඬුවම්

Mohamed Dilsad

රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව ලාභ ලබන තත්ත්වයට පත්කරනවා -නව සභාපති කියයි

Mohamed Dilsad

ළමා අයිතිවාසිකම් සුරැකීම සඳහා ජනමාධ්‍යවේදීන්ට ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක්

Mohamed Dilsad

Leave a Comment