(UTV|මලයාසියාව) – අත්අඩංගුවට ගනු ලැබූ මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක් අද උදෑසන ක්වාලාලම්පූර් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මලයාසියානු සංවර්ධන අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන ගණනක් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල විය.
ඒ සම්බන්ධයෙන් අද විමර්ශන පැවැත්වේ.
ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගත් හිටපු අග්‍රාමාත්‍යවරයා දූෂණ විරෝධි කොමිසම් මූලස්ථානයේ සිට අධිකරණය වෙත රැගෙන ආ බව විදෙස් වාර්තා වල දැක්වේ.
හිටපු අගමැතිවරයාට එරෙහිව චෝදනා රැසක් එල්ල වන අතර මලයාසියානු සංවර්ධන අරමුදලින් අමෙරිකානු ඩොලර් මිලියන 10.6 ක මුදලක් නජීබ් රසාක්ට අයත් විදේශ බැංකු ගිණුමකට බැරකර තිබීම ඔහුට එල්ල වන එක් චෝදනාවකි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]