ක්‍රීඩා

ස්වීඩනයත් අර්ධ අවසන් පූර්ව වටයට

(UTV|රුසියාව) – ස්විට්සර්ලන්තය පරාජය කළ ස්වීඩනය වසර 24 කට පසු ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වෙයි.

එසේම එංගලන්ත කණ්ඩායම මෙවර තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වූයේ ප්‍රබල කොලොම්බියාව පරාජය කරමිනි.

ඒ අනුව මේ වන විට මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට කණ්ඩායම් 8 ක් සුදුසුකම් ලබා තිබේ.

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 දෙනාගේ තරඟ වටයේ අවසන් තරග දෙක ඊයේ(03) පැවැත් විණ.

එහි පළමු තරගය වන ස්වීඩනය හා ස්විට්සර්ලන්තය අතර තරගය පැවැත් වූයේ රුසියාවේ සාන්ත පීටර්ස්බර්ග් හීදීය.

තරගයේ පළමු අර්ධයේ ගෝල වාර්තා කිරීමට කණ්ඩායම් දෙකම අසමත් වූ අතර ස්වීඩනයට අවස්ථා කිහිපයක් හිමිවුන ද ඔවුන් එම අවස්ථා සාර්ථක කර ගැනීමට තරම් වාසනාවන්ත නොවීය.

දෙවැනි අර්ධය ආරම්භවී මිනිත්තු 21 ට පසු එනම් 66 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ස්වීඩන ක්‍රීඩක ෆෝර්ස්බර්ග් ලබාගත් ගෝලයත් සමග ස්වීඩනයට මෙවර තරගාවලියේ රැඳී සිටීමේ වාසනාව හිමිවිණි.

ස්වීඩනයේ එමිල් ෆෝර්ස්බර්ග් චතුරශ්‍රය පිටත සිට එල්ල කළ ප්‍රහාරයක් ගෝල රාමුව තුළට යොමුවූයේ ස්විට්සර්ලන්ත ගෝල රකින්නා වූ යෑන් සෝමර්ට කිසිදු අවස්ථාවක් හිමි කර නොදෙමිනි.

අනතුරුව ස්විස්ටර්ලන්ත ක්‍රීඩකයින් ප්‍රබල උත්සහයක් යෙදුව ද ගෝලයක් වාර්තා කර ගැනීමට ඔවුන්ට අවස්ථාවක් හිමි නොවුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකාව පළමු ඉනිමට ලකුණු 204යි

Mohamed Dilsad

‘අපිට ඉන්නවා තරග දිනවන ක්‍රීඩකයින් රැසක්’ සංගා රාජස්ථාන් ගැන කියයි

Mohamed Dilsad

බිග් මැච් සමයේ උපදෙස් මාලාවක්

Mohamed Dilsad

Leave a Comment