ප්‍රමුඛ පුවත 1

ආසියාවේ තිරසාර සංවර්ධනය,ජනගහන ගැටළු හා විසදුම් පිලිබඳ අවධානය

ජනගහනය හා තිරසාර සංවර්ධනය පිළිබඳ ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය යටතේ පිහිටුවාගෙන ඇති ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ පළමු සැසිවාරය හෙට හා අනිද්දා (16) හා (17) මීගමුව “ජෙට්වින් බීච්” හෝටලයේදී පැවැත්වේ.

ආණ්ඩු පක්ෂ විපක්ෂ මැති ඇමැති වරුන් 34 දෙනෙකුගෙන් යුත් මෙම සංසදයේ සභාපතිවරයා ලෙස සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මහතා කටයුතු කරන අතර උප සභාපති වරුන් ලෙස හිටපු කථානායක චමල් රාජපක්ෂ හා ඊ. සරවනපවන් යන මන්ත්‍රීවරුන් කටයුතු කරති.

මෙම සමුළුවට  ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය නියෝජනය කරමින් ආසියානු සංසදයේ විධායක අධ්‍යක්ෂ ජපානයේ මිකා මොරමොටෝ, පරිපාලන කළමණාකාරිනී තායිලන්තයේ පෝන්ප්‍ර‍පාස් සප්පාපන් ඇතුළු ඉන්දියාවේ සීමා ගයික්වැඩ්, තායිලන්තයේ අනෙක් ලෙකූන්, කාම්බෝජයේ මාදෙවි සුන් සුන් හා ප්‍ර‍ංශය විශ්ලේෂණ සහකාරිනියක ලෙස ඇඩෙල් මාකෙල් යන මහත්ම මහත්මීන් සහභාගි වේ.

පෙබරවාරි 16 හා 17 දින දෙකේ දී පෙරවරු 9.00 ට ආරම්භ වීමට නියමිත සැසිවාරය සඳහා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නියෝජිතයන් වන ලක්ෂ්මන් සෙනෙවිරත්න, හෙක්ටර් අප්පුහාමි, අලි සහීර් මව්ලානා, ජේ.සී අලවතුවල, ඩග්ලස් දේවානන්දා, ලසන්ත අලගියවන්න, ශ්‍රියානි විජේවික්‍ර‍ම, තිලංග සුමතිපාල, ඉෂාක් රහුමාන්, වසන්ත අළුවිහාරේ, ආනන්ද කුමාරසිරි, සුපුන් රාජකරුණා, මලිත් ජයතිලක, ඩිලාන් පෙරේරා, කාදර් මස්තාන්, මුත්තු සිවලිංගම්, අශෝක් අබේසිංහ, ඩබ්.එම්.ටී.බී.ඒකනායක, වේළු කුමාර්, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ආනන්ද අළුත්ගමගේ, සුදර්ශනී ප්‍ර‍නාන්දු පුල්ලේ, මොහොමඩ් නවාවි, හෆීල් සල්මාන්, විජිත බෙරුගොඩ, එල්.ඒ.විජේමාන්න, සිඩ්නි ජයරත්න, චන්ද්‍රානි බංඩාර, රාජිත සේනාරත්න, රංජන්  රාමනායක, හා නිරෝෂන් පෙරේරා යන මහත්ම මහත්මීන් සහභාගි වෙති.

ආසියානු කලාපයේ තිරසාර සංවර්ධනය හා ජනගහනය පිළිබඳව ගැටළු හා ඒවාට ඇති විසඳුම් පිළිබඳ සාකච්ඡා කෙරෙන මෙම දෙදින වැඩමුළුව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබයි.

 

Related posts

අල්-අමාන් ක්‍රිකට් තරඟාවලියේ ජයග්‍රාහකයින්ට කුසලාන පිරිනැමීමේ

Mohamed Dilsad

කෙසෙල්වත්තේ වෙඩි තැබීමට ‘රයිනා’ STF අත්අඩංගුවට…

Mohamed Dilsad

අදත් බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණයක්..

Mohamed Dilsad

Leave a Comment