ප්‍රමුඛ පුවත 1

රටට ගැලපෙන විදේශ වෙළඳ බදු ප්‍රතිපත්තියක අවශ්‍යතාවය ජාතික ආර්ථික සභාව පෙන්වා දෙයි

(UTV| කොළඹ) – භාණ්ඩ හා සේවා සැපයීමේදී ඇතැම් වෙළෙඳුන් අසීමිත ලාභයක් ඉපැයීම හේතුවෙන් මතුව තිබෙන අහිතකර තත්ත්වයෙන් පාරිභෝගිකයා ආරක්ෂා කර ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ ජාතික ආර්ථික සභාවේ අවධානය යොමු වෙයි.

ජාතික ආර්ථික සභාව ඊයේ (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදී මේ පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

ශ‍්‍රී ලංකාවේ විදේශ සංචිත ප‍්‍රමාණය වර්ධනය කර ගැනීම සඳහා අපනයන ප‍්‍රවර්ධනය කිරීම සහ ආනයන කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් බදු ප‍්‍රතිපත්තියේ සිදුකළ යුතු සංශෝධන පිළිබඳව ද මෙහිදී අවධානයට යොමු විය.

එමෙන්ම අපනයන ප‍්‍රවර්ධනය සඳහා වැඩි සහන ලබාදීමටත්, දිරිගන්වන බදු ප‍්‍රතිපත්තියක් කි‍්‍රයාත්මක කිරීම පිළිබඳවත් සාකච්ඡාවට ලක් කෙරිණි.

ශ‍්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය උදෙසා විදේශ විනිමය සැලකිය යුතු දායකත්වයක් ලබාදෙයි. විදේශ රටවල සිට ලංකාවට මුදල් එවීමේදී බදු හෝ ගාස්තු වශයෙන් කිසිදු අයකිරීමකින් තොරව එම මුදල් සම්පේ‍්‍රෂණය කිරීමට අවස්ථාව සැලසීමට ද මෙහිදී උපදෙස් දුන් ජනාධිපතිතුමා එමගින් ලංකාවේ විදේශ විනිමය වර්ධනය කරගත හැකි බව පෙන්වා දුන්නේය.

මෙරටට ගෙන්වනු ලබන ඉන්ධන කොළඹ වරායේ සිට කොළොන්නාව දක්වා ප‍්‍රවාහනය කිරීමට ඉදිකෙරෙන විශ්කම්භය 12,ක් වූ නව නළ මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් සිදුකිරීමට උපදෙස් දුන් ජනාධිපතිතුමා එම නළ එළිමේ කටයුතුවලදී මහවත්ත ප‍්‍රදේශයේ මතුව ඇති ගැටලුකාරි තත්ත්වය නිරාකරණය කරගැනීම සඳහා ගතහැකි පියවර පිළිබඳව ද සාකච්ඡා කළේය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ජපාන රජයේ ආධාර යටතේ සැලසුම් කර තිබෙන 2030 දක්වා වූ බලශක්ති සැලැස්ම ශ‍්‍රී ලංකාවේ ජපාන තානාපති Kenichi Suganuma මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. ජයිකා ආයතනයේ විශේෂ නියෝජිත Fusato Tanaka මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ජාතික ආර්ථික සභාව සඳහා අමාත්‍යවරුන් වන මංගල සමරවීර, මහින්ද සමරසිංහ, අර්ජුන රණතුංග, රංජිත් සියඹලාපිටිය, කබීර් හෂීම්, රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, ජාතික ආර්ථික සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරින් එක්ව සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙද නිලධාරීන් 21 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

Mohamed Dilsad

සජිත් සහ රනිල් අතර විශේෂ හමුවක්

Mohamed Dilsad

ජනාධිපතිවරයා දකුණු කොරියාව බලා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment