ප්‍රමුඛ පුවත 1

සුභග ශිෂ්‍යත්ව ප්‍රදානය අද අගමැති ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – මෙරට පාසල් පද්ධතිය තුළ සිටින, අනාගත අභියෝග ජයගැනීමෙහි විභව හැකියාවන් සහිත, ක්‍රීඩා, සෞන්දර්ය හා නව නිපැයුම් ක්ෂේත්‍ර තුළින් සුවිශේෂ කුසලතා පෙන්වන ලද නිර්මාණශීලී දරුවන් දිරිගැන්වීම සහ ඉදිරියේ දී එම හැකියාවන් තවදුරටත් වැඩිදියුණු කරගැනීම අරමුණු කරගනිමින් අධ්‍යාපන පද්ධතිය වෙත හඳුන්වා දී ඇති සුභග ශිෂ්‍යත්ව වැඩසටහනෙහි පළමුවැනි ශිෂ්‍යත්ව ප්‍රදානය අද (12) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකලපයක්  යටතේ 2017 වසරේ සිට හඳුන්වා දෙන ලද මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ලබාගන්නා පළමු සිසු කණ්ඩායමට සිසුන් 1000ක් තේරී සිටිති. ද්විතීයික අධ්‍යාපන අවධියේ සුවිශේෂ දක්ෂතා දක්වමින් උසස් පෙළ අධ්‍යාපනය ආරම්භ කළ සිසුන් අතරින්  එමෙන් ම නව නිපැයුම්, ක්‍රීඩා හා සෞන්දර්ය ක්ෂේත්‍ර යටතේ සුවිශේෂී හැකියාවන් දක්වා ඇති සිසුන් මෙම ශිෂ්‍යත්ව ලබාදීම සඳහා තෝරාගෙන තිබේ.

සිසුන් විසින් විවිධ ක්ෂේත්‍රයන්හි සමස්ත ලංකා, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ප්‍රදර්ශනය කර ඇති විෂය සමගාමී ක්‍රියාකාරකම්, තොරතුරු තාක්ෂණය, භාෂා, සාහිත්‍ය,  විද්‍යාව,  ඇතුළු අනෙකුත් විෂයන් ආශ්‍රිත ක්‍රියාකාරකම්, නිර්මාණශීලී ක්‍රියාකාරකම් මෙන් ම නව නිපැයුම්, විද්‍යාත්මක පර්යේෂණ හා ක්‍රීඩා ක්ෂේත්‍රයන්හි ලබා ඇති ජයග්‍රහණ මෙම ශිෂ්‍යත්ව සඳහා තෝරාගැනීමේ දී පදනම් කරගත් මූලික නිර්ණායකයි. මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ලබන සියලු දරුවන්ට ඔවුන්ගේ දක්ෂතා වැඩිදියුණු කරගැනීම වෙනුවෙන් මාස 20ක කාලයක් තුළ රුපියල් 50,000ක වටිනාකමින් යුත් මූල්‍යාධාරයක්  හිමි වේ.

වසරක් පාසා ක්‍රියාවට නැංවෙන මෙම සුභග ශිෂ්‍යත්ව වැඩසටහනට ඇතුළත් වී ශිෂ්‍යත්ව දිනාගැනීමට නිර්මාණශීලී සුවිශේෂ හැකියාවන් සහිත දැයේ සියලු දූ පුතුන්ට ඉදිරියේ දීත් ඉඩප්‍රස්ථා විවෘත ව පවතී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අයහපත් කාලගුණය හේතුවෙන් ආපදාවන්ට පත් වූවන්ට සහන – අපදා කළමනාකරණ මධ්‍යස්ථානය

Mohamed Dilsad

තවත් 9 දෙනෙකුට කොරෝනා ඇති බව තහවුරු වෙයි

Mohamed Dilsad

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් නායකගෙන් ප්‍රශ්න කෙරේ.

Mohamed Dilsad

Leave a Comment