විදෙස්

ටජ්මහල ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි අධිකරණය කියයි

(UTV|ඉන්දියාව) – ලෝක ප්‍රකට උරුමයක් ලෙස සැලකෙන ටජ්මහල් ආරක්ෂා කිරීමට ඉන්දීය රජය අසමත් වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කරයි.

ශ්‍රේෂ්ඨාධිකරණය පැවසූවේ, ෆෙඩරල් සහ ප්‍රාන්ත ආණ්ඩුවල උදාසීන ක්‍රියාකලාපය හේතුවෙන් එම ස්මාරකය දැඩි ලෙස පරිහානියට ලක් ව ඇති බවයි.

එරට ශ්‍රේෂ්ඨාධිකරණය මෙලෙස විවේචනය කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර තිබු පෙත්සමක් විභාග කරමිනි.

මේ අතර මෙම වසරේ මැයි මාසයේදී අධිකරණය රජයට උපදෙස්දී තිබුණේ, කිරිගරුඬ ව්‍යූහයට සිදුව ඇති හානියට පිළියම් යෙදීමට විදෙස් රටක සහය ලබා ගන්නා ලෙසයි.

මීට අමතරව සුදු පැහැති කිරිගරුඬෙන් සහ අනෙක් අමු ද්‍රව්‍යවලින් සැදූ මෙම ස්මාරකය කහ පැහැයට හැරි තිබු අතර මේ වන විට එය දුඹුරු සහ කොළ පැහැයට හැරෙමින් පැවිතීම අවදානම් තත්ත්වයක් බව අධිකරණය එහිදී වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

ස්මාරකය තුළ හා අවට පරිසර දූෂණය වීම මෙන්ම කෘමීන් සිදු කර ඇති හානි ටජ්මහල මෙලෙස පරිහානියට පත්වීමට හේතු වී ඇතැයි තහවුරු වී ඇත.

ඉන්දීය රජය අධිකරණයට කියා සිටියේ, ස්මාරකය තුළ හා අවට පරිසර දූෂණය වැළැක්වීම සඳහා පියවර ගැනීමට විශේෂ කමිටුවක් පිහිටුවා ඇති බවයි.

17 වන ශතවර්ෂයේ ඉදිකළ සංචාරක ආකර්ෂණය දිනා ගත් ලොව අතිවිශිෂ්ට නිර්මාණවලින් එකක් වන ටජ්මහල නැරඹීමට දිනකට  පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 70,000කට අධිකය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍ය සිසුන් අනුයුක්ත කරයි

Mohamed Dilsad

වයස්ගතම ජනපති රෝහලේ

Mohamed Dilsad

ඌරු හදවතක් බද්ධ කළ ලොව පළමු මිනිසා මිය යයි

Mohamed Dilsad

Leave a Comment