ක්‍රීඩා

දකුණු අප්‍රිකාව ලකුණු 283ක් පිටුපසින්

(UTV|ගාල්ල) – සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණූ අප්‍රිකා කණ්ඩායම අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඊයේ (12) ආරම්භ වු පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අවසානයේ සිය පළමු ඉනිම ක්‍රීඩා කරමීන් සිටි සංචාරක දකුණූ අප්‍රිකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවි ලකුණූ 04 ක් රැස් කර සිටියේය.

මේ අනුව කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී රැස් කළේ ලකුණූ 287 කි.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා අප්‍රිකා කණ්ඩායම තවත් කඩුළු 09 ක් අතැතිව ලකුණූ 283 ක් පසු පසින් සිටියි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භ පිතිකරු දිමුත් කරුණාරත්න නොදැවි ලකුණූ 158 ක් රැස් කරමීන් කණ්ඩායම ස්ථාවර තත්වයකට ගෙන ගියේය.

අද (13) තරගයේ දෙවැනි දිනයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සංචාරය අතහැර මැතිව්ස් ලංකාවට

Mohamed Dilsad

Tour-de-France පාපැදි සවාරිය කල් යයි

Mohamed Dilsad

මහීෂ් සහ මතීෂ ගැන චෙන්නායි කණ්ඩායම තීරණයක් ගනී

Mohamed Dilsad

Leave a Comment