ප්‍රමුඛ පුවත 1

අද මත්තලට ගිය ගුවන් යානා

(UTV| කොළඹ) –  කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කළ බව කටුනායක ගුවන් තොටුපොළ රාජකාරී කළමනාකාරවරයා පවසයි.

ඒ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට අද(16) අලුයම පැවති අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙනි.

ඩුබායි සිට පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානය, කටුනායක ගුවන් තොටුපොළ වෙත අද අලුයම 4.35 ට ගොඩ බැස්සවීමට පැමිණියත්, පැවති අයහපත් කාළගුණික තත්ත්වය නිසා , එම ගුවන් යානය මත්තල ගුවන් තොටුපොළට අලුයම 5.50 ට ගොඩ බස්වා තිබේ.

පසුව යළිත් එම ගුවන් යානය උදෑසන 7.07 ට මත්තල ගුවන් තොටුපොළෙන් පිටත්ව, උදෑසන 7.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. එම ගුවන් යානය A-330 එයා බස් වර්ගයේ යානයකි.

ඊට අමතරව ඉන්දියාවේ මුම්බායි සිට අලුයම 5.35 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි , ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 142 දරන ගුවන් යානය ද පැවති අයහපත් කාළගුණික තත්ත්වය නිසා මත්තල ගුවන් තොටුපොළ වෙත අලුයම 6.00 ට ගොඩ බස්වා තිබුණි.

පසුව එම යානයත් කටුනායක ගුවන් තොටුපොළ අවට කාලගුණික තත්ත්වය යහපත් වූ පසු , උදෑසන 7.20 ට මත්තල ගුවන් තොටුපොළෙන් පිටත් වී උදෑසන 7.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. මෙම යානයට A-320 එයා බස් වර්ගයේ ගුවන් යානයකි.

නමුත් මෙම ගුවන් යානා දෙකේ සිටි ගුවන් මගීන් කිසිවෙකුත් මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බස්වා නොතිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

2020 දී විශ‍්‍රාම නොගන්න බව ජනපති කියයි

Mohamed Dilsad

විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලුම් කිරිමේ කාලය දිර්ඝ කෙරේ..

Mohamed Dilsad

ලබන සඳුදා දිවයිනේ සියලුම රාජ්‍ය සේවකයින් ලෙඩ නිවාඩු

Mohamed Dilsad

Leave a Comment