ප්‍රමුඛ පුවත 1

බැසිල්ට රට යන්න අවසර

(UTV| කොළඹ) – හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගත වීමට කොළඹ මහාධිකරණය අද(16) අවසර ලබා දුන්නේය.

පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට ජී.අයි. පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බැසිල් රාජපක්ෂ මහතාට රටින් පිටවීම තහනම් කර තිබුණි.

මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ඒ. ඒ.ආර්.හෙයියන්තුඩුව මහතා ඉදිරියේ අද(16) කැඳවූ අවස්ථාවේදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරනය හමුවේ කරුණු දක්වමින්, තම සේවාදායකයාට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා අගෝස්තු මස 10 වන දා සිට නොවැම්බර් මස 10 වන දාදක්වා කාලසීමාව තුළ ඇමෙරිකා එක්සත් ජනපදයට යාමට අවශ්‍ය ඇති බව පවසා ඇත.

ඊට අදාළ වෛද්‍ය සහතික මෙන්ම රක්ෂණ වාර්තා අද අධිකරණය වෙත ඉදිරිපත් කළ එම නීතිඥවරුන් ඒ සඳහා දැනට පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලිහිල් කරන මෙන්ද අධිකරණයෙන් ඉල්ලීම් කක බව අප අධිකරණ වාර්තාකරු පැවසීය.

පසුව අදාළ කාලසීමාව තුළ විත්තිකාර බැසිල් රාජපක්ෂ මහතාට විදේශ ගතවීමට අවසර ලබාදුන් මහාධිකරණ විනිසුරුවරයා දැනට අධිකරණ භාරයේ පවතින ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇපයක් මත මුදා හරින මෙන් ද නියම කළේය.

මෙහිදී අධිකරණයේ කරුණු දැක්වූ විනිසුරුවරයා කියා සිටියේ, මෙම අපරාධය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ බල කලාප තුළ සිදුවන ඇති  බැවින් මෙම නඩුවේ ඉදිරි විභාග කටයුතු හෝමාගම මහාධිකරණය වෙත මාරු කිරීමට සිදුවන බවයි.

කෙසේ වෙතත් මේ පිළිබඳ නියෝගය ලබන අගෝස්තු මස 09 වනදා ලබා දෙන බවද විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද මුළු දිවයිනටම ඇඳිරි නීතිය

Mohamed Dilsad

පස්වරුවේ ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

ජනතාව පීඩාවට පත් කරමින් වර්ජන කරන්න එපා – මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම කියයි

Mohamed Dilsad

Leave a Comment