ප්‍රමුඛ පුවත 1

“කවුරු අකමැති වුණත් නැතත් අපි පාතාලය මර්දනය කරනවා”-ඇමතිනී තලතා අතුකෝරාල කියයි

(UTV|රත්නපුර) – “මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන මරණීය දණ්ඩනය නියම වෙලා ඉන්න අයගේ ලැයිස්තුව ගෙනත් බැලුවාම කණගාටුවෙන් කියන්න ඕන ඒකේ මුලින්ම ඉන්නේ කාන්තාවක්.අපි භාර ගන්න කොට මේ රට නීති විරෝධී මත් ද්‍රව්‍ය ගෙන්වන කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා මේවාට ඇතැම් නිලධාරීන් සම්බන්ධයි” යනුවෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ  අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.

මුදලට යට වෙලා තවත් දරුවෙක්ගේ තරුණයෙක්ගේ ජීවිත විනාශ කරන කුඩු එහාට මෙහාට අර ගෙන යනවා නම්  මහ ලොකු බෞද්ධකමක් ගැන කථා කළාට වැඩක් නැහැ.රාජ්‍ය අනුග්‍රහය යටතේ ඒ කාලයේ පාතාලය ක්‍රියාත්මක වුණා.කවුරු අකමැති වුණත් නැතත් අපි පාතාලය මර්දනය කරනවා.අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ  අමාත්‍යවරිය සඳහන් කළාය.

ඇය මෙම අදහස් පළ කළේ ස්වාභාවික ආපදාවන්ගෙන් විපතට පත් වු ජනතාවට සහන සැළසීමේ වැඩ සටහන යටතේ කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති චෙක්පත් බෙදාදීමේ වැඩ සටහනකට එක් වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වු අමාත්‍යවරිය මෙසේ ද සදහන් කළාය.

“ඒ කාලයේ පාතාලය රාජ්‍ය අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වුණා.අද පාතාලය කුවුරු අකමැති වුණක් කැමති වුණත් අපි පාතාලය මර්දනය කරනවා.පාතාලය මෙහෙය වන කල්ලි කිහිපයක් කණ්ඩායම් කිහිපයක් අද ක්‍රියාත්මක වෙනවා.ඉඩම් මං කොල්ල කන පාතාලයක් හොර ඔප්පු හදා ගෙන අහිංසක ජනතාවගේ ඉඩම් කොල්ල කන එකක් ක්‍රියාත්මක වෙනවා.තවත් පාතාලයක් තියෙනවා හොටල් පාතාලය ඒක හික්කඩුව වැනි ප්‍රදේශවල ක්‍රියාත්මක වෙන්නේ.කිසි කෙනෙකුට ඒ පළාත්වල හෝටල් පටන් ගන්න බැහැ.තවත් ප්‍රදේශවල වාහන මං කොල්ල පාතාලය ක්‍රියාත්මක වෙනවා.මේවා අපි නැති කරන්න කටයුතු කළ යුතුයි.අහිංසක මිනිස්සුන්ට ජීවත්වීමේ අයිතිය ලබාදීමට පියවර ගත යුතු බව ද අමාත්‍යවරිය සදහන් කළාය.තමන්ගේ දූ දරුවන් ආරක්ෂා කර ගැනීම වැඩිහිටියන් දෙමව්පියන් වන ඔබගේ වගකීමක්.මේ රටේ කුඩු වැඩියෙන්ම එහාට මෙහාට ගෙන යන්නේ කාන්තාවන්වීම පිළිබදව අපි කණගාටු වෙනවා.අපිට දැන් බන්ධනාගාරයත් අයිති නිසා එහි කටයුතු පිළිබදව අපි දන්නවා”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අකුණුසැර වැදී පුද්ගලයන් තිදෙනෙක් මියයයි…

Mohamed Dilsad

ඇදිරි නීති කාලය තුළ මාර්ග වල සිටි 291 අත්අඩංගුවේ

Mohamed Dilsad

දෙමළ ජාතික සන්ධානයේ සහය කාටද? තීරණය අද

Mohamed Dilsad

Leave a Comment