ප්‍රමුඛ පුවත 1

පිවිතුරු හෙළ උරුමයෙන් මංගල සමරවීර අමාත්‍යවරයාට එරෙහිව පැමිණිල්ලක්

(UTV| කොළඹ) – රජයේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉතා බරපතළ ප්‍රකාශයක් සේම අපහාසාත්මක ප්‍රකාශයක් සිදු කර ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා පවසයි.

මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දිනක මාධ්‍ය හමුවක් අමතමින්  සිදුකරන ලද  ප්‍රකාශයට එරෙහිව ඊයේ(16) දින  පිවිතුරු හෙළ උරුමය විසින් පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කො කර තිබේ.

ඒ කොළඹ කොටුව පොලිස් මූලස්ථානයේ දීය.

එහිදී අදහස් දක්වමින් මධුමාධව අරවින්ද මහතා මෙම පැවසුවේ.”එහිදී එතුමා සඳහන් කරනවා මේ මොහොතේ වැලිකඩ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වශයෙන් සිටින පිරිස නොවෙයි ලංකාවේ මුල්පෙළේ අපරාධකරුවන් කියලා.  ඒ වගේම එතුමා කියනවා  මුල්පෙළේ  ජාවාරම්කරුවන් සිටින්නේ කොහෙදැයි එතුමන් දන්නා බව. සිංහ සමාජයේ,  රොටරි සමාජයේ, වගේම උපාසක මහත්වරුන් ලෙසින් පන්සල් ආශ්‍රතවත් මෙම පළමු පෙල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කටයුතු කරන බව එතුමා කියනවා”.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තද සුළඟින් වවුනියාවේ නිවාස කිහිපයකට හානි

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් 18 සහ 19 වැනි සංශෝධන අහෝසි කළ යුතුයි – ජනපති අවධාරණය කරයි

Mohamed Dilsad

අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 08 කට බලපෑම්[VIDEO]

Mohamed Dilsad

Leave a Comment